IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


උතුම් සම්බුදු තෙමඟුල අදයි

(ඩයනා උදයංගනී)

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන උතුම් සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද (15)ට යෙදී ඇත.

පොහොය ලැබීම අද (15) දහවල් 12.46 ට සිදුවන අතර පොහොය ගෙවෙන්නේ හෙට (16) උදෑසන 9.43 ටය.

රට තුළ ආර්ථික අර්බුදයක් ඇතත්, තමන්ට හැකි අයුරින් සම්බුදු තෙමඟුල සැමරීමට බොදු ජනතාව සූදානම් වෙති.

පසුගිය දෙවසරෙහි කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නිවෙස්වල සිටම වෙසක් දින ආගමික වතාවත්වල නිරත වූ බොදු ජනතාවට මෙවර එම වසංගත තත්වය පහවයාමත් සමඟ වෙහෙර විහාරස්ථානයන්ට ගොස් ආගමික ස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව හිමිව තිබේ.

ඉකුත් 2019 වසරේ දී දපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බොදු ජනතාවට වෙසක් දිනය සැමරීමට සිදුව ඇත්තේ නිවෙස්වල සිටය.

ඒ අනුව මෙවර ජනතාවට නිදහසේ වෙසක් දින ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව හිමිවන්නේ තෙවරසකට පසුවය. වසර තුනකට පසු මෙවර රට පුරා විවිධ ස්ථානවල තොරණ කිහිපයක් ද ඉදිවෙමින් පවතින අතර, පිටකොටුව බෝධිය අසල සහ තොටළඟ ඉදිවන තොරණ ද මෙවර ඉදිකර ඇත.

රටපුරා විවිධ ස්ථානවල මෙවර දර්ශනීය පහන්කූඩු සහ වෙසක් කලාප ද ඉදිවෙමින් පවතී.

ජනතාවට ඇති ආර්ථික ගැටලු නිසාදෝ පෙර වසරවලට සාපේක්‍ෂව මෙවර දන්සැල් සංවිධානය කර ඇත්තේ ඉතා අඩුවෙන් බව ද පෙනේ.

කතරගම කිරිවෙහෙර අසල සිල් සමාදන් වූ සැදැහැවතුන්( කේ.ඩී.දේවප්‍රිය)

 


(ඡායාරූප- ශාන්ත රත්නායක)



අදහස් (1)

උතුම් සම්බුදු තෙමඟුල අදයි

GAMUNU Sunday, 15 May 2022 06:23 AM

සියලු ජාතින්, සියලු ආගම්, පමණක් නොව රටක් වශයෙන් පවතින සහ මුහුනදෙන්නාවූ අර්බුද ඉකමනින් විසදා සමස්ත ශ්‍රී ලංකාවටම වෙනසක් වෙනුවෙන් බලාපොරොත්තු සහිතව බොදු ජනතාව ඇතුළු සියලු ජාතින් උතුම් සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ අදිටන් කර ගනිමු

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 179 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 386 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 164 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site