
(යොහාන් භාසුර)
ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය මහතා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපතිවරයා ලෙස අද (3) වැඩ බාර ගත්තේය.
නව සභාපති ආචාර්ය ලලීෂ කහටපිහිටිය, ක්‍රීඩා විද්‍යාව පිළිබඳ කියුබාවේ "මැනුවෙල් ෆජාර්ඩෝ" ජාත්‍යන්තර භෞතික, සංස්කෘතික හා ක්‍රීඩා විද්‍යා විශ්ව විද්‍යාලයෙහි ආචාර්ය උපාධියක් සහිතව ඉක්වදෝරයේ ක්විටෝ හි "ඩි'ෆර්නැන්ඩා" ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයෙහි පරිපාලන කළමනාකරුවෙකු වශයෙන් ද කලක් සේවය කර අත්දැකීම්ලත් නිලධාරියෙකි. ඒ මහතා ජාත්‍යන්තර බොක්සිං සංගමයෙහි (IBA) ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සාමාජිකයෙකු වශයෙන් ද මේ දක්වා කටයුතු කර තිබේ.
කියුබා යොවුන් ජාතික බොක්සිං කණ්ඩායම් සහකාර පුහුණුකරුවෙකු වශයෙන් ද කටයුතු කර ඇති ඔහු, දකුණු ආසියානු කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය සහ ජාත්‍යන්තර "YMCA" බොක්සිං ශූරතාවලියන්හි, පදක්කම් ලාභියෙක් මෙන්ම ජාතික බොක්සිං කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් ද වේ.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ නව සභාපති දුෂාන්
ලුම්බිණි Wednesday, 04 June 2025 06:06 AM
ජාත්‍යන්තර භෞතික සංස්කෘතික ක්‍රීඩා විශ්ව විද්‍යාලය. අමුතුම තැනක් වගෙයි .