(යොහාන් භාසුර)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් උණ රෝගය හේතුවෙන් මියගිය බව තහවුරු වීම නිසා සෞඛ්‍ය නිර්දේශ අනුව එම බන්ධනාගාරයේ කටයුතු සිමා කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක මහතා අද (4) පස්වරුවේ පැවසීය.
ගාල්ල බන්ධනාගාරයට නියම කරන නවක රැදවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත තීරණය කර ඇති බවත් අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත් ගාමිණී බී. දිසානායක මහතා වැඩි දුරටත් කීය.
'
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd