(යොහාන් භාාසුර)

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අද (1) පෙවරුවේ අවහිරව තිබු දුම්රිය ගමනාගමන පස්වරු 3.30 ට පමණ යථාතත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තම්න්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.  
දුම්රිය ධාවනය යථා තත්වයට පත්කිරීමට පැය 9.00 ක පමණ කාලයක් ගතවූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.