(යොහාන් භාසුර)

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් අද (28) පස්වරුවේ පීලි පැනීමකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අවිනිශ්චිත විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 10.15 ට කොළඹ බලා පිටත් වූ අංක 1008 දරණ සීඝ්‍රගාමී දුම්රියේ පළමුවන පංතියේ මැදිරිය පස්වරු 4.00 පමණ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර පීලී පැනීමකට ලක්වූ බවත් ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය අවිනිශ්චිත විය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.