
(සුජිත් හේවාජුලිගේ)
ගංවතුර ආපදාවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ යථාවත් කිරීමට මාස දෙකකිනුත් බැරි වනු ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ලංකාදීපයට පැවසීය.
ගංවතුරින් පේරාදෙණිය පාලමට විශාල හානියක් වී ඇති බවත් පාලම පිළිසකර කිරීම අද විශාල අභියෝගයක් බවත් ඔහු සඳහන් කළේය.
පේරාදෙණිය පාලම අලුත් වැඩියා කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාද ඉංජිනේරුවන් ඇතුළු පිරිසක් පේරාදෙණියට ගොස් ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පළමු පියවර ලෙස එම පාලමේ සිරවී ඇති විවිධ අපද්‍රව්‍ය නාවික හමුදාව යොදවා ඉවත් කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
දුම්රිය මාර්ගයේ ඉහළ ප්‍රදේශවල දුම්රියන් අටක් පමණ සිරවී ඇති බවත් ඒවා නැවත රැගෙන ඒමට දුම්රිය මාර්ගය පිළිසකර කිරීම අත්‍යවශ්‍ය බවත් ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
කෙසේ වෙතත් එම අභියෝගය භාරගෙන සියලු කටයුතු කරගෙන යන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා රඹුක්කන මහනුවර දක්වා දුම්රිය මාර්ගය කඩිනමින් පිළිසකර කිරීම ප්‍රධාන අරමුණ බවද ප්‍රකාශ කළේය.
මේ අතර දුම්රිය සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රැසක් ගංවතුර විපතට හසුවීම හේතුවෙන් මාර්ග සහ පාලම් පිළිසකර කටයුතු සඳහා සේවකයන් ප්‍රමාණවත් පරිදි යෙදවීමේ ගැටලුවක් මතුව ඇතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 04
196
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උඩරට දුම්රිය පාර හදන්න මාස දෙකකිනුත් බැරි වේවි
CK.Lankaputhra Saturday, 06 December 2025 11:11 AM
අයියෝ සර්, අපේ විපක්ෂ කණ්ඩායමට බාර දෙන්න. ඒ ගොල්ලන් දවස් දෙකෙන් හදා දෙයි. හැබැයි වෙනම සල්ලි ටොන් දෙක තුනක් වෙනම දෙන එක විතරයි කරන්න තියෙන්නේ, සුටුස් ගාලා වැඩේ ඉවර කරලා දෙයි.
RasikaSaturday, 06 December 2025 01:29 PM
මේ අය සර්ලා නොවෙයි ජනතා සේවකයෝ. සර්ලා එපා නියලා නේද මේ සහෝදරයෝ ගෙනාවේ...? මුලු ලෝකෙම බදාදා වෙද්දී අනතුර දැනගෙන සහෝදරයෝ නිදි. වෙලාවට වාන් දොරටු ඇරියා නම් මේ විනාශය නැහැ.
ජගත් ලියනගේSaturday, 06 December 2025 01:54 PM
නාමල්ලාට බාර දුන්නා නම් ඒ වැඩේ නියමෙටම කරයි...
Duminda Jayanath Udayakumara Saturday, 06 December 2025 01:30 PM
උත්සාහ කරමු, මොකද ටුවරිසම්වල ලොකු බරක් අපේ දුම්රිය ගමනට තියෙනවා. ඔබතුමාට පුළුවන් දැන් කරලා තියෙන වැඩ කොටස දැක්කාම...