
(ප්‍රසාද් රුක්මල්)
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මීට සුලු මොහොතකට පෙර නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයට ළඟ වෙමින් තිබියදී නානුඔය දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි සංඥා කනුව අසල දී එන්ජිම පිලීපැනීමට ලක්ව ඇති බවත් දුම්රිය පාලන මැදිරිය සදහන් කලේය .
මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇති හෙයින් එම දුම්රියන් අද (15) දින ප්‍රමාද වන බවත් , පිලීපැනීමට ලක්ව ඇති දුම්රිය පිලීගත කිරිමේ කටයුතු සිදු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd