(සමන් පාලිත නානායක්කාර)

පවතින තද වර්ෂාව සමග දියතලාව හපුතලේ අතර උඩරට දුම්රිය මාර්ගයට ගල් පර්වතයක් පෙරලීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.

හපුතලේ දියතලාව අතර දුම්රිය මාර්ගයේ පාලම අසල මෙම ගල් පර්වතය පෙරළී ඇතැයි ද මාර්ග කම්කරුවන් යොදා ගල් පර්වතය දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද දුම්රිය පාලක මැදිරිය කියයි.

මේ හේතුවෙන් මහනුවර සිට බදුල්ල බලා පැමිණි බඩු දුම්රිය මේ වන විට එම ගල පෙරළී ඇති ස්ථානයට නුදුරින් නවතා ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ කියයි.