( සමන් පාලිත නානායක්කාර )

දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී  දුම්රිය එංජිමට දැවැන්ත ගල් පෙරළී  අවහිර වූ උඩරට දුම්රිය මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

අ ද උදෑසන කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දැවැන්ත ගල්කුලු පෙරළී දුම්රිය ඇංජිම එහි හිරවී නතර විණි.

 පසුව යුද හමුදාව දුම්රිය සේවකයින් ඇතුළු සහන සේවකයින් එක්ක දුම්රිය මාර්ගයේ කඩිනමින් තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි