(සමන් පාලිත නානායක්කාර)
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීළි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගය පැය දහයකට පමණ පසු යළි යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් නානුඔය හා ග්‍රේට්වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර පිළිපැනීමට ලක්වීම නිසා උඩරට දුම්රිය ගමනාගමනය ඊයේ සවස තුන පමණ සිට සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබුණි.
කොළඹ සිට බදුල්ල බලා ධාවනයෙන් තිබූ උඩරට මැණිකේ දුම්රියෙන් පැමිණි මගීහු විශාල සංඛ්‍යාවක් නාවලපිටිය සිට බස් රථ මගින් හපුතලේ බදුල්ල බණ්ඩාරවල දියතලාව දක්වා ගමන් ගැනීමට පහසුකම් සලසා දී තිබුණි.
අද (06) අලුයම සිට සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි දහවෙනි වන බවත් නිවාඩු සමය හා සිරිපාද සමය හේතුවෙන් දුම්රියෙන් ගමන් ගන්නා පිරිස් මේ දිනවල බෙහෙවින් ඉහළ ගොස් ඇති බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන සතියේ නැවත ඕක කැඩෙනවා. දශක ගණනාවක් සිට වෙන්නේ ඕකමයි. කව්රුවත් ස්ථිර පිලියමක් යොදන්න හිතලවත් නැහැ.
කිසිම විශ්වාසයක් නැතිපාරක්... කෝච්චි යන දවස විතරක් කිව්වාම ඇති...!