IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උඩරට දුම්රිය පාර යථා

(සමන් පාලිත නානායක්කාර)

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීළි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගය පැය දහයකට පමණ පසු යළි යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් නානුඔය හා ග්‍රේට්වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර පිළිපැනීමට ලක්වීම නිසා උඩරට දුම්රිය ගමනාගමනය ඊයේ සවස තුන පමණ සිට සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබුණි.

කොළඹ සිට බදුල්ල බලා ධාවනයෙන් තිබූ උඩරට මැණිකේ දුම්රියෙන් පැමිණි මගීහු විශාල සංඛ්‍යාවක් නාවලපිටිය සිට බස් රථ මගින් හපුතලේ බදුල්ල බණ්ඩාරවල දියතලාව දක්වා ගමන් ගැනීමට පහසුකම් සලසා දී තිබුණි.

අද (06) අලුයම සිට සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි දහවෙනි වන බවත් නිවාඩු සමය හා සිරිපාද සමය හේතුවෙන් දුම්රියෙන් ගමන් ගන්නා පිරිස් මේ දිනවල බෙහෙවින් ඉහළ ගොස් ඇති බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (2)

උඩරට දුම්රිය පාර යථා

arrr Saturday, 06 January 2024 10:08 AM

ලබන සතියේ නැවත ඕක කැඩෙනවා. දශක ගණනාවක් සිට වෙන්නේ ඕකමයි. කව්රුවත් ස්ථිර පිලියමක් යොදන්න හිතලවත් නැහැ.

:       0       0

චන්දන Saturday, 06 January 2024 06:15 PM

කිසිම විශ්වාසයක් නැතිපාරක්... කෝච්චි යන දවස විතරක් කිව්වාම ඇති...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site