(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගසක විශාල අත්තක් දුම්රිය මාර්ගයට කඩා වැටී බාධා සිදුව තිබූ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය අද (2) පෙරවරුව වනවිට යථා තත්ත්වය ට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
දැනට බදුල්ල දිස්ත්‍රික්කයට පතිත වන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඊයේ (1) රාත්‍රි දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති විශාල රතු මල් ගසක විශාල අත්තක් දුම්රිය මාර්ගයට කඩා වැටීමෙන් දෙමෝදර දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිට තිබිණ .
එම නිසා දෙමෝදර දුම්රිය ස්ථානය ට ලගා වන මෙන්ම පිටත්ව යන දුම්රිය න් දෙවන දුම්රිය මාර්ගයේ පමණක් ධාවනය කරවිමට දුම්රිය බළධාරීන් ක්‍රියා කළහ .
දුම්රිය සේවකයන් අද (2) උදෑසන දෙමෝදර දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ විශාල අත්ත කපා ඉවත් කර යලි බදුල්ල කොළඹ දුම්රිය ධාවනය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දුන් බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd