(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල සහ මහනුවර බදුල්ල අතර දුම්රිය හතරක් අද (10) දින අවලංගු කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1008 සීඝ්‍රගාමී දුම්රිය, මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1596 භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය , කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1007 විශේෂ සීඝ්‍රගාමී දුම්රිය , මහනුවර සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1126 භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මෙසේ අවලංගු කළ බවද දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය.
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1008 විශේෂ සීඝ්‍රගාමී දුම්රියෙ එන්ජිම ගම්පොළ උලපනේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පිලීපැනීමට ලක් වීමෙන් උඩරට දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබීම නිසාවෙන් මෙසේ මෙම දුම්රියන් අද (10) අවලංගු කළ බවත් , දැනට බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරදි ධාවනය වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය .
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උඩරට දුම්රිය 4ක් අවලංගුයි
සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 10 March 2025 06:55 PM
යසයි සංචාරක ව්‍යාපාරය දියුණු කරන විදිහ. අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙයි බැලුවේ...