IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඊළඟ සති හතරේ බිලියන 50ක් වියදම් කරන්න සල්ලි තියෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඊළඟ සති හතරේ බිලියන පනහක් පමණ ආණ්ඩුවට වියදම් කරන්න මුදල්  තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

2025 අයවැයේ වියදම් කරගන්න නොහැකිව ඉතිරි වූ මුදල් තිබෙනවා.හදිසි අවශ්‍යතාවයන් සහ නිවාස ගෙවල් ශුද්ධ කර ගැනීම් සඳහා වියදම් කරන්න  රුපියල් බිලියන 30 ක් පමණ දැන් භාණ්ඩාගාරයේ තිබෙනවා. තවත් බිලියන විස්සක් විතර වෙන තැන් වලින් ගන්න පුළුවන්.

මේ අනුව බිලියන පනහක් විතර ඊළඟ සති හතරේ වියදම් කරන්න හැකියාව තිබෙනවා.ඒනිසා රජයට අවශ්‍ය සියලුම මුදල් තියෙනවා.මුදල් නොගෙවා ඉන්න කිසිම කාරණයක් නැහැ.ඒක නිසා පීඩාවට පත් ජනතාවගේ ඇත්ත මුදල් අවශ්‍යතා සොයා ඒවාට ගෙවන්න.මූලික ගැටලුව එන්නේ 2026 සඳහායි.මොකද සියයට 13ක ප්‍රාථමික වියදම් සීමාවක් පනවා තිබෙනවා.අයි.එම්.එෆ් ගිවිසුම තියෙන්නේ ඒ සමගයි.තවත් රුපියල් බිලියන 300ක් හෝ 500ක් එන වසරේ වියදම් කරන්න හැකිනම් ඊට පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමේ කිසිම ගැටළුවක් නැහැ යනුවෙන් ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (16)

ඊළඟ සති හතරේ බිලියන 50ක් වියදම් කරන්න සල්ලි තියෙනවා

Ruwan R Wednesday, 03 December 2025 04:44 PM

මෙයා කවද්ද මේ ආණ්ඩුවේ මුදල් ඇමැති වුනේ ..?

:       8       38

සමන් - ඕමානයThursday, 04 December 2025 12:08 PM

විපක්ෂයේ අයගේ වගකීම සාධනීය ලෙස විවේචන හෝ යෝජනා රජයේ සැලකිල්ලට ඉදිරිපත් කිරීමයි. රටක දියුණුව ඇති වෙන්නේ මේ ලෙසයි. මෙතුමා මේ කරලා තියන යෝජනාව ඒ වගේ වැදගත් එකක්. ඒ මිසක්, කිව්වේ විපක්ෂයේ කෙනෙක් කියලා, අවඥාවෙන් හා උද්දච්ච කමින් බැහැර කලයුතු නැත. පාලකයින්, "අපි තමයි සියල්ල දත් පඬිවරු" කියන මානසිකත්වය නැති කර ගත යුතුයි. මෙහි දාලා තියන කොමෙන්ටු දැක්කම, පාලකයින්ට ඩොබිවැඩ කරන, කසල ශෝධක හමුදාව කවුද කියන එක හොඳින්ම පැහැදිලියි.

:       0       3

Hira Wednesday, 03 December 2025 04:57 PM

වැඩ නැත... කයිය ඇත.

:       16       22

කුඩුමල්Wednesday, 03 December 2025 05:34 PM

ඔව්, කට විතරයි. මහ බැංකුවටත් වැඩේ දුන්නේ මේ අයගේ කාලෙනේ.

:       6       22

AnuraThursday, 04 December 2025 09:15 AM

ඔහුගේ ප්‍රකාශ ස්වාධීන සහ ප්‍රායෝගිකයි. දේශපාලනය පසෙක දමා එය අගය කළ යුතුයි.

:       0       2

Sunaa Wednesday, 03 December 2025 05:02 PM

කට පියාගෙන පාඩුවේ ඉන්න.. මහදැනමුත්තා වගේ එනවා උපදෙස් දෙන්න.

:       9       35

කපුරුහාමි Wednesday, 03 December 2025 05:22 PM

කොහොමද දන්නේ නැහැ දැන ගත්තේ? දිව්‍යඣානේ පහළ වෙලා ඇති? දූෂිතම පවුල් පාලන ආණ්ඩුව කාලේ නම් මෙහෙම උනේ නැහැ.

:       5       23

මැක්ස් Wednesday, 03 December 2025 05:35 PM

මෙයා වඩාත් සුදුසු වන්නේ ආණ්ඩු පක්‍ෂයට. මක්නිසාද යත් අනුර කුමාර ප්‍රමුඛ වැඩ බැරි මාලිමා කයිවාරු නඩයට මොහු ද ගැලපෙන නිසා.

:       27       8

fairoos Wednesday, 03 December 2025 05:56 PM

ඔබතුමා කියන කන් තමයි හිටියේ...

:       3       9

C.K.Lankaputhra Wednesday, 03 December 2025 06:02 PM

අන්න අන්න, බුද්ධිමත් දේශපාලන ඔලුවක්. මොන පක්ෂයේ වුණත් ගොන් ටෝක්ස් වලින් බැහැරවෙලා පක්ෂ, පාට නැතුව කතාකරනවා. පාර්ලිමේන්තුවට අවශ්‍ය මේ වගේ අය. ඒකට ඉන්නවා කඳ බඩ තියන හෝ නැති සෙට් එකක්. ඔවුන්ව දැක්කොත් බල්ලොත් බත් කන්නේ නෑ.

:       7       12

Rata Perata Wednesday, 03 December 2025 06:38 PM

ජනාධිපති කියන එකම කියන්න තව කෙනෙකුත් හිටියාට කමක් නෑ.

:       6       7

සංඛ Wednesday, 03 December 2025 08:28 PM

මෙන්න මහ දැන මුත්තා... ඇත්තටම මහා බොරු කයිවාරු කාරයෙක්. ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයේ මුදල් කලමනාකරනය ගැන දැනන් අය ඉඳිද්දි මෙයා නිකම් මහදැනමුත්තා වෙන්න හදනවා. අමුම අමු මොලේ උදුම්ම ගත්තු මනුස්සයෙක්... ලොක්කා වෙන්න පොර ටෝක් දෙනවා. කියන්න ලැජ්ජයි...

:       5       8

saki Wednesday, 03 December 2025 09:58 PM

මහදැනමුත්තා වගේ වැඩ කරන්න එපා. ඔහෙලගේ කාලෙ කොහොමද? කොහේද ඕවා තිබුණේ.

:       0       0

Anura Thursday, 04 December 2025 09:16 AM

මොහු රජයට එකතු කරගෙන මුදල් අමාත්‍යාංශයේ වගකීම් පැවරිය හැකි විශ්වාස කළ හැකි පුද්ගලයෙක්...

:       0       1

ගුණරත්න Thursday, 04 December 2025 10:09 AM

ජවිපෙ අම්බරුවන් සුපුරුදු පරිදි ගොම්පස් හෙළනවා. මේ හර්ෂ මන්ත්‍රීතුමා කියන්නේ ගිය අයවැයේ වියදම් නොවී ඉතිරි මුදල භාවිතා කරලා සහන දෙන්න පුළුවන් කියලා මගපෙන්වීමක්. අම්බරුවන්ට එක තේරෙන්නේ නැහැ නේ ඉතින් හිතන්නේ ආණ්ඩුවට බනිනවා කියලා... මෙතැන ගොම් පස් හෙලනවා. අනේ මෙහෙමත්...

:       0       3

Bunny Preena Saturday, 06 December 2025 10:40 AM

වගකිව යුතු දැනුවත් පුද්ගලයකු හැටියට ඔහු කියන දේ බැහැර කරන්න හොද නැහැ. යම් අදහසක් ප්‍රකාශ වුණා නම් අපි සිහියට ගන්න ඕනෑ කියන්නේ කවුද එයා... කොයි පක්ෂයේද කියන එක නෙවෙයි... කියන දේ මොකක්ද කියන එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 201 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site