IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ඊශ්‍රායලය - පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතුයි

(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඒ අරමුණින් එක්සත් ජාතික පක්ෂය අතීතයේ සිටම ක්‍රියාකොට ඇති බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.

එජාප සභාපතිවරයා මේ බව කීවේ ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඊශ්‍රායල් පලස්තීන අර්බුදය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පැහැදිලි ස්ථාවරයක් අනුගමනය කර තිබෙන බව කී අබේවර්ධන මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2022 ,2023, 2024 වසර වලදීත් ඒ ස්ථාවරය පැහැදිලි කර තිබෙන බව සඳහන් කළේය.

"එමෙන්ම විනාශ වන මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කර දීමේ අරමුණින් අප මූල්‍ය ආධාර ද සිදුකර තිබෙනවා.

බටහිර ලෝකයද එසේ කටයුතු කරනු ඇතැයි අප සිතනවා.එමෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීනය රාජ්‍යයන් දෙකක් ලෙස පිළිගත යුතුය යන ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම සිටියා" යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා  මෙහිදී කීය.



අදහස් (0)

ඊශ්‍රායලය - පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site