
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට හෝටල් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් තෝරාගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව හෝටල් ගෘහ පාලනය සම්බන්ධ රැකියා සඳහා පිටත්වන ප්‍රථම කණ්ඩායමට තරුණ තරුණියෝ 103 දෙනෙක් ඇතුළත් වූහ.
ඔවුන් ඊශ්‍රායලය බලා ඊයේ (7) පිටත්ව ගිය බව කාර්යාංශය කියයි.
තරුණ තරුණියන් 905 දෙනකු ඊශ්‍රායල් හෝටල් ගෘහ පාලන රැකියා සඳහා එරට FIBA ආයතනයට යොමු කර ඇති අතර, ඉන් 855 දෙනකු ලොතරැයි ක්‍රමය යටතේ තෝරාගෙන තිබෙන බව ද කාර්යාංශය කියයි.
දෙවැනි ලොතරැය ඇදීම සඳහා තවත් 200 ක පිරිසකගෙන් යුත් කණ්ඩායමක් යොමු කර ඇති අතර, ඔවුන් ඉදිරියේ දී තෝරා ගැනීමට නියමිතව ඇත.
COMMENTS
මනුස්සකම කියන දේ නොදන්න ලාංකිකයෝ ඩොලර් නොට්ටු එයාලාගේ අරමුණේ, ඔය මුදල් වල අහිංසක දරුවන්ගේ ලේ තැවරී ඇත. මතක තියාගන්න..
ඔක්කොම සිංහල අය කියලා ෂුවර්ද? නැත්තං අවදානම්.
මේවායේ ප්‍රතිවිපාක ලැබෙනකොට තේරෙයි. මතකනේ ගෝඨාභයට වෙච්චි දේ...
සුබ පැතුම් සියලු දෙනාටම
"දැන් හූ කියාගෙන ඇමරිකාවට අපනයනය කළා. ඊශ්‍රායලයේ ප්‍රධාන ආදායම් මාර්ගය කරගන්න එපා . අවසානයේ, ඒ ස්විච් නිමාපු කාලෙක එල්ලෙන්න වැල් හොයන්න වෙනවා