
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මතුව ඇති නොසන්සුන් තත්වය හමුවේ ටෙල අවිව්හි බෙන් ගුරියන් ගුවන් තොටුපොළ සහ ඊශ්‍රායල ගුවන් සීමාව වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇති බැවින් ඊශ්‍රායලයට පැමිණෙන සහ ඊශ්‍රායලයෙන් පිටත්ව යන ලාංකිකයින් නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් පමා කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද (13) ප්‍රකාශ කළේය.
ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ප්‍රතිප්‍රහාර එල්ල වීමේ අවදානමක් තිබීම හේතුවෙන් ඊශ්‍රායලයේ සියලු කාර්යාල හා වැඩබිම්වල කටයුතු අද (13) නවතා දැමුණු බවත් ප්‍රවාහන කටයුතුද නවතා සියලු දෙනාටම ආරක්‍ෂිත ස්ථාන කරා යොමුවන ලෙස ඊශ්‍රායල රජය දැනුම්දී තිබූ බවත් නිමල් බණ්ඩාර මහතා පැවැසුවේය.
ඒ හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස තානාපති කාර්යාලය උපදෙස් ලබාදී තිබෙන බවත් සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි මිසයිලවලින් ආරක්ෂා වීම සඳහා ආරක්‍ෂිත කුටි ආසන්නයේ රැඳීසිටින ලෙස ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් ලබාදී තිබෙන බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
හදිසි අවස්ථාවකදී ගිලන් රථ සේවා ක්‍රියාත්මක බවත් ඊශ්‍රායලයේ සේවය කරන 20,000 ක් පමණ වූ ශ්‍රී ලාංකිකයන්ට හදිසි අවශ්‍යතාවක් මතු වුවහොත් පැය 24 පුරා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග දුරකතනයෙන් සම්බන්ධ විය හැකි බවත් බණ්ඩාර මහතා පැවැසුවේය. එවන් අවස්ථාවක් මතු වුවහොත් ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහාය ලබාදීමට තානාපති කාර්යාලය සූදානම් බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම සෑම අවස්ථාවකදීම අවශ්‍ය වියළි ආහාර හා ජලය ළඟ තබා ගන්නා ලෙස ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් ලබාදුන් බවත් කිසියම් රෝගයකට දිනපතා ඖෂධ ලබා ගන්නා අය සිටීනම් ප්‍රමාණවත් පරිදි එම ඖෂධ ළඟ තබා ගන්නා ලෙසට උපදෙස් ලබාදුන් බවත් තානාපතිවරයා පැවැසුවේය. උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යාවත්කාලීන කිරීම ලබාදෙන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් උපදෙස් ලබාදී තිබෙන බවද බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලය, ඉරානය ඇතුළු මැද පෙරදිග කලාපය පුරා ගුවන් ගමන් නතර කොට ඇති බැවින් ගුවන් ගමන් මාර්ග වෙනස් කොට යුරෝපය හා ආසියාව අතර ගමන් වාර ආරම්භ කර ඇති බවද තානාපතිවරයා පැවැසුවේය. ඒ හේතුවෙන් එම ගුවන් ගමන්වලට වැඩි කාලයක් ගතවිය හැකි බවද බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ටෙල් අවිව් දක්වා පැමිණීමට ගුවන් යානා නොමැති කමින් කොළඹ සිට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු ඩුබායි ගුවන් තොටුපලේ රැදී සිටින බවත් අදාල ගුවන් සමාගම ඔවුනට දින දෙකක හෝටල් පහසුකම් සලසා ඇති බවත් තානාපතිවරයා පැවැසුවේය. ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ඔවුන් සමඟ කටයුතු සම්බන්ධීකරණය කරනු ඇති බවද තානාපතිවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් ලාංකිකයන්ට නිවේදනයක්
don Friday, 13 June 2025 08:24 PM
ඕවා ප්‍රසිද්ධියේ කියන්න යන්න එපා. අන්තිමට ඔහොම කරන්න ගිහින් ඉරානයට තරහ ගියොත් ඔතැනත් එවන්න බැරි නැහැ.