IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඊශ්‍රායලයේ රැකියාවලට යැවීම නවත්වයි

(සුජිත් හේවාජුලිගේ)

විදේශ රැකියා සදහා ඊශ්‍රායලයට යැවීම නවත්වා තිබෙන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය .

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මැද පෙරදිග කලාපයේ ගැටුම් කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකේම ලංකාවේ අය ඉන්නවා.ඊශ්‍රායලයේ පිරිස වැඩියි. ගැටුම් උග්‍ර වීම සමග ගුවන් සීමා වහලා තිබෙනවා.මේ සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශයක් ලෙස මැදිහත්වීමක් කරගෙන යනවා.

අපේ තානාපති කාර්යාල සමග සාකච්ඡා කරමින් වැඩකරනවා.අපේ ප්‍රමුඛත්වය ශ්‍රී ලංකා පුරවැසියන් ආරක්ෂා කිරීමයි දෙන්නෙක් ඊශ්‍රායල් වලදී තුවාල ලබා තිබුනා.ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙනවා.ටෙල්අවි සදහා යන්න ගියපු ගුවන් මගීන් පිරිසක් අපහසුතාවට පත් වෙලා තිබුණා . ඔවුන්ට ශ්‍රී ලංකා ගුවන් සේවය හරහා ලංකාවට එන්න තිබුනා.ඒ අය එනවාද නැත්නම් යනවාද කියලා තීරණය කරන්න ඕන.

දෝහා තානාපති කාර්යාල සමගත් අපි සම්බන්ධතා පවත්වාගෙන යනවා. කවුරු හරි ලංකාවට එන්න අවශ්‍ය නම් ජෝර්දාන් හරහා එන්න පුලුවන්.තානාපති කාර්යාලයට එම ඉල්ලීම් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඊශ්‍රායලයේ කොහොමත් බංකර් තිබෙනවා.ආරක්ෂා වෙන්න ඒවාට යොමුවෙන්න වෙනවා. ඒ රටේ නීතියට අනුව නිර්දේශ වලට අනුව කටයුතු කරන ලෙස ශ්‍රීලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.



අදහස් (2)

ඊශ්‍රායලයේ රැකියාවලට යැවීම නවත්වයි

රම්බොඩ Monday, 16 June 2025 04:49 PM

ගැටුම් සමථයකට පත්වනතුරු නොයවන එකයි සුදුසු. ජීවත් වෙලා ඉන්න එපැයි මොනවා කරන්නත්...

:       0       9

Perera Tuesday, 17 June 2025 06:10 AM

දැනට ඉන්න අයගේ සුභ සාධනය කොහොමද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site