(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ‍්‍රායල සහ පලස්තීනය අතර ඇති වී තිබෙන දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනකු අතුරුදන් වී එක් ශ‍්‍රී ලාංකිකයකු තුවාල ලබා තිබෙන බව ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මහතා ප‍්‍රකාශ කළේය.
මේ වන විට අතුරුදන් වී සිටින ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු පිරිමි පුද්ගලයෙකු බවත් අනෙකා කාන්තවක් බවත් ශ‍්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.එසේම තුවාල ලැබූ තැනැත්තා පිරිමි පුද්ගලයෙකු බවද බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
ගැටුම් හේතුවෙන් අතුරුදන් වී සිටින කාන්තාව ගම්පහ ප‍්‍රදේශයේ පදිංචිව සිට සාත්තු සේවය සඳහා ඊශ‍්‍රායලයට ගොස් ඇති කාන්තාවක් බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසුවේය.
අතුරුදන් වී සිටින පිරිමි පුද්ගලයා ශ‍්‍රී ලංකාවේ වෙන්නප්පුව ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු කෘෂි කර්මාන්තය ආශ‍්‍රිත රැකියාවක් සඳහා ඊශ‍්‍රායලයට ගොස් ඇති බවත් විදේශ කටයුතු ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.
එසේම ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ තැනැත්තා 38 හැවිරිදි සුජිත් ප‍්‍රියංකර නම් පුද්ගලයෙකු බවත් ඔහු කැකිරාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් විදේශ කටයුතු ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
ඊශ‍්‍රායලයේ දැනට ශ‍්‍රී ලාංකිකයන් 8000 ක් පමණ සිටින බවත් ශ‍්‍රී ලාංකිකයන් බොහොමයක් ඊශ‍්‍රායාලයට පැමිණෙන්නේ සාත්තු සේවය සහ කෘෂි කර්මාන්තය පදනම් කරගත් රැුකියා වලට බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.
මේ වනවිට තොරතුරක් නොමැති ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනා පිළිබඳ තොරතුරක් දැනගැනීම සඳහා ඔවුන්ගේ තොරතුරු ඊයේ(09* රතු කුරුස සංවිධානය වෙත ලබා දුන් බව තානාපති නිමල් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
එසේම තුවාල ලැබූ තැනැත්තා දකණු ඊශ‍්‍රායලයේ සංචාරක හෝටලයක සේවය කළ අයෙකු බවත් ඔහුගේ අතට සහ බඩට වෙඩි වැදී ඇති බවත් තානාපතිවරයා පැවසුවේය.
වෙඩි වැදීමෙන් පසුව ඔහුව වහාම රෝහල් ගත කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් තානාපතිවරයා පෙන්වා දුන්නේය.
සතියක පමණ කාලයක් විවේක ගැනීමෙන් පසුව ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි විශ්වාස කරන බවද තානාපතිවරයා ප‍්‍රකාශ කළේය.
ඊශ‍්‍රායලයේ සිටින අනිකුත් ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳවද ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවධානයෙන් පසුවන බවද තානාපති නිමල් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
පලස්තීනයත් ඊශ‍්‍රායාලයත් අතර පසුගිය 7 වැනිදා ආරම්භ වූ දරුණු ගැටුම් වලින් මේ වනවිට දෙපාර්ශවයේ 1200 කට ආසන්න පිරිසක් මියගොස් තවත් 4750කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
එසේම ඊශ‍්‍රායල බෝම්බ ප‍්‍රහාර හමුවේ පලස්තීන වැසියන් 124000 ක් පමණ අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කර තිබේ.
හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප‍්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 700 දෙනෙකු පමණ මියගොස් තවත් 2000කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව ඊශ‍්‍රායල බලධාරීන් පෙන්වා දුන්නේය.
එසේම ඊශ‍්‍රායල එල්ල කළ ගුවන් ප‍්‍රහාර වලින් ගාසා තීරයේ පුද්ගලයන් අවම වශයෙන් 493 දෙනෙකු පමණ මියගොස් තවත් 2753 දෙනෙකු පමණ තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ප‍්‍රකාශ කළේය.
මේ වන විට ගසා තීරය ආසන්නයේ 100000 ක පමණ ඊශ‍්‍රායල භට පිරිසක් රඳවා ඇති අතර ඊශ‍්‍රායල ප‍්‍රාණ ඇපකරුවන් 130 දෙනෙකු ගාසා තීරයේ රඳවා ගෙන සිටින බව පලස්තීන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් පවසා ඇත.
ඊශ‍්‍රායල ප‍්‍රජාව අතර සිටින හමාස් සටන්කාමීන් සොයා ඊශ‍්‍රායල ආරක්ෂක අංශ මෙහෙයුම්ද ආරම්භ කර තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ අල් අක්සා පල්ලිය වන්දනාමාන කළ පිරිසකට ඊශ‍්‍රායල ආරක්ෂක අංශ ප‍්‍රහාර එල්ල කිරීමට පිළිතුරු ලෙස මෙම ප‍්‍රහාරය දියත් කළ බව හමාස් සටන්කාමීන් පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්රායලයේ දී ලාංකිකයෝ දෙකක් අතුරුදන්
ajith Monday, 09 October 2023 07:59 PM
ලෝකයේ බලවත්ම දියුණු තාක්ෂනය, දේශීය සහ විදේශීය ඔත්තුකරුවන් සිටිනා මොසාඩ් ඔත්තු සේවය හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප‍්‍රහාර පිළිබඳව නොදැන සිටියේද?