IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඊශ්‍රායල් හමුදාවට දැඩි ප්‍රහාරයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් දැඩි ප්‍රහාර එල්ල වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව  අද (01) අලුයම දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ බවත් සැලැසුම් කළ කාලයට වඩා පැය කීපයකට පෙර එම මෙහෙයුම් ආරම්භ කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කටයුතු කළ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ඇවචේ ඇඩ්‍රේ පැවැසුවේය.

ඊශ්‍රායල උතුරු දේශ සීමාවට සහ ඒ ආසන්න ගම්මානවලට තර්ජනයක් තිබෙන දකුණු ලෙබනනයේ ගම්මාන ඉලක්ක කරමින් එම ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ බවත් එම ගම්මානවල ඇතැයි හඳුනාගෙන ඇති හිස්බුල්ලා ඉලක්ක විනාශ කර දැමීම එම මෙහෙයුම්වල අරමුණ බවත් ඇඩ්‍රේ ප්‍රකාශ කළේය.

පාබල හමුදා කාණ්ඩයම්වලට ගුවන් හමුදාවේ සහාය ලැබෙන බවත් එම හමුදා කණ්ඩායම් සමග සම්බන්ධීකරණයෙන් හඳුනාගත් හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරනු ඇති බවත් ඇඩ්‍රේ පැවැසුවේය.

සංවිධානාත්මක සැලැස්මකට අනුව කාල රාමුවක් තුළ ගොඩබිම් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා මාස ගණනක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පුහුණුවූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ගොඩබිම් මෙහෙයුම් ආරම්භ වීමත් සමග දකුණු ප්‍රදේශයේ ලෙබනන ගම්මාන 20 ක වැසියන්ට උතුරු ප්‍රදේශයේ ආරක්‍ෂිත ස්ථානයක් කරා ගමන් කරන ලෙසට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අනතුරු ඇඟවීමක්ද කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 



අදහස් (1)

ඊශ්‍රායල් හමුදාවට දැඩි ප්‍රහාරයක්

don Wednesday, 02 October 2024 12:16 PM

හිස්බුල්ලා සටන් කාමීන් සහ කොටි ත්‍රස්තවාදීන්... හරි ශෝක්...

:       14       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site