
තම හමුදා නිලධාරීන්ගේ අත්වැරදීමකින් හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, එය ඉතාමත් කනගාටුදායක සිදුවීමක් බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
හමාස් සටන්කාමීන් යැයි වරදවා වටහා ගනිමින්, ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රාණඇපකරුවන්ට වෙඩි තබා තිබේ.
මියගියේ, අවුරුදු 22, 26, සහ 28 හැවිරිදි තරුණයන් තිදෙනකු බවත්, ඊශ්‍රායල හමුදා වෙඩි ප්‍රහාරයට ඔවුන් ලක් වී ඇත්තේ, ගාසා තීරයේ ෂෙජයියා නුවරදී බවත් පැවැසෙයි. මේ වනවිට එම තරුණයන්ගේ සිරුරු ඊශ්‍රායලය වෙත ගෙනැවිත් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද වැදීමෙන් ජයගන්නා කිසිවෙක් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
තමන්ගේම මිනිස්සු මරන්නේ... කාටවත් ගාණක් නෑ...