
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබෙන බැවින් ඇතැම් සංචාරක ස්ථානවලින් වහාම ඉවත්වන්න යැයි ඊශ්‍රායල ජාතිකයන්ට එරට ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම් දීමක් කර ඇත.
මෙරට අරුගම්බේ ප්‍රදේශය, දකුණු සහ බටහිර පළාතේ වෙරළ තීරයන්හි සිටින ඊශ්‍රායල ජාතිකයන්ට එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතික කවුන්සියලය මෙලෙස දැනුම් දී තිබේ. ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායි තොරතුරු ලැබී තිබෙන බැවින් එම ප්‍රදේශ වලින් ඉවත්වන ලෙස ඊශ්‍රායල ජාතිකයන්ට දැනුම් දුන් බව එරට ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කළේය.
එසේම ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයන්ට දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසත් ජනතාව එක්රැස්වන ස්ථාන මගහැර සිටින ලෙසත් ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය උපදෙස් ලබාදී ඇත. කෙසේ නමුත් ඊශ්‍රායල ජාතිකයන්ට එල්ල වී ඇති තර්ජනයේ ස්වභාවය පිළිබඳව වැඩිදුර තොරතුරු ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය හෙළිකර නොමැත.
ඊශ්‍රායල ආරක්ෂක බල අධිකාරිය ශ්‍රී ලංකා බලධාරීන් සමග සම්බන්ධව සිටින බවත් මෙරට තත්වය පිළිබඳව අවධානයෙන් සිටින බවත් එරට ජාතික ආරක්ෂක කවුන්සිලය පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ මොන්ටිසෝරි ආණ්ඩුව බයවෙලා සංචාරක කලාප වලට හමුදාව යොදවලා ඒවා එළිමහන් සිර කඳවුරු බවට පත් කරන්න එපා. එතකොට සංචාරකයෝ එන්නේ නෑ. ලොකුකම බිමින් තියලා පළපුරුදු ඇති හිටපු නායකයින්ගෙන්, නිලධාරීන්ගෙන් උපදෙස් ගන්න. වැඩේ වරද්දාගෙන "අනේ අයියේ අපි ඉවරයි" කියලා අඬන්න එපා...!
හරි නේද? ඔය බලලා මල්ලෙන් එළියට පැන්නේ... මම දැන් විනාඩි කිහිපයකට කලින් මේ ගැන සඳහන්කළා. ජනාධිපතිතුමනි, කරුණාකර මේ රටේ සිටින සියලුම විදේශීය හමුදා භටයින්ට මේ රටෙන් පිටවන ලෙස අණ කරන්න. රනිල් වික්‍රමසිංහ කියන මිනීමරු මොලේ අමාරුකාරයා තමයි, ඊශ්‍රාෙයල් හමුදාවට මානසික සුවය ලබන්න ලංකාවට එන්න කියා මේ ප්‍රශ්නයට මුල පිරුවේ. දැන් අරාබි ත්‍රස්තයින් ඔවුන්ව හොයාගෙන මේ රටේ පිස්සු නටාවි..!.
මේ ජරා ඊශ්‍රායල් යක්කු ලෝකේ කොහේ ගියත් ප්‍රශ්න හදනවා...!
මාර ප්‍රශ්නයක්නේ. වහාම මේ රටේ ඉන්න ඔක්කෝම ඊශ්‍රාෙයල් කාරයින්ට මෙහෙන් යන්න කියන්න. යන තැනක යන්න කියන්න.. හැබැයි මෙහෙන් යා යුතුයි. ඔවුන් මෙහෙට පැනලා තියෙන්නේ පණ බේරාගන්න වගෙයි පෙනෙන්නේ... නැති ප්‍රශ්න මෙහෙ ඇතිවේවි...!
ගරු ජනාධිපතිතුමනි, කොහෙවත් හිටපු සර්පයෝ රෙද්ද අස්සේ දමාගත්ත රනිල් වික්‍රමසිංහගෙන් වහාම ප්‍රශ්න කරන්න මේ සිද්ධියට මූලික වුණු ආරුගම්බේ ප්‍රදේශයේ තිබෙන ඊශ්‍රාෙයල් හමුදා විවේක නිකේතනය ගැන. මොහු මේවා කරලා තියෙන්නේ මුළු රටටම හොරෙන්. තව මොනවා කරලාද කවුද දන්නේ...?