
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් අද (24) දින අලුයම පිටත්ව ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ආරුගම්බෙ ප්‍රදේශයට එල්ල කිරීමට සැළසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම ඊශ්‍රායල රජය විසින් ද ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැදී සිටීම අවදානම් බව ප්‍රකාශ කිරීමත් සමග , මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත්, ඔවුන් පිටත් කර හැරීම සදහා පියවර ගෙන තිබුණි .
මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ඩුබායි බලා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානයෙන් අද අලුයම 03.03 ට පිටත්ව ගොස් තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළ සිට නියමිත කාළසටහනකට අනුව ඊශ්‍රායලය වෙත ගමන් කරන ගුවන් යානා නොමැති නිසා , මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ඩුබායි වෙත ගොස් , එතැන් සිට ඊශ්‍රායලයේ ටෙල්අවිව් හෝ ජෙරුසෙලම ගුවන් තොටුපොළ පිටත්ව යාමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම දේශපාලන නායකයින් කරන ලොකුම වැරැද්ද වන්නේ වෙනත් කෙනෙකු සතුරා අපගේ සතුරා වීමය. නැත. එය එසේ නොවිය යුතුය. ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ප්‍රශ්නය අපගේ ප්‍රශ්නය නොවිය යුතුයි.
සියලුම ඊශ්‍රායල් ජාතිකයන් පිටවිය යුතුයි .ලාංකිකයන්ට රැකියා දෙන මුවාවෙන් මෙරට තුල ව්‍යාපාර කරනවා .පසුගිය රජයට අවශ්‍ය උනේ ඩොලර් පමණයි .මොකා මේ රටේ මොනවා කලත් නීතිය ක්‍රියාත්මක කලේ නෑ
ලොකු දෙයක් වැරදිලාවත් මේගොල්ලන්ට කවුරුහරි ප්‍රහාරයක් එල්ල කලානම් , පාඩුව අපේ සංචාරක කර්මාන්තෙට , අනුන්ගේ ප්‍රශ්න නිසා අමාරුවේ වැටෙන්නේ දහ අතේම ණය වෙලා ඉන්න අපි, අර රනිල්ගේ කාලේ යුක්‍රේන් රුසියානු යුද්ධේ තිබෙන කාලේ රුසියාවට සහ යුක්‍රේනයට නිදහස් වීසා නොමිලේ දීලා මෙහෙ ගෙන්න ගෙන උන් මේ බාබර් සාප්පු , රෙස්ටුරන්ට එහෙම දමල අපේ තුට්ටු දෙකෙට කෙලියා , මේ වගේ මෝඩ වැඩ නොකළ යුතුය , යුද්ධ තිබෙන රටවල මිනිස්සුන්ට වීසා දෙනකොට හොඳට බලල දෙන්න ඕනේ . ඊයේ පෙරේද පලස්තීනෙට වීසා ලිහිල් කරන්න කියල එහෙ තානාපති අපේ ජනාධිපතිගෙන් ඉල්ලුව , එහෙම කලා කියල අපට ලැබෙන ආර්ථික වාසියක් නැහැ , ඕනේ නම් ත්‍රස්තවාදියෝ ඒවි , සංචාරක වීසා ලිහිල් කරන්න ඕනේ යුධ නැති සල්ලි යහමින් වියදම් කරන මධ්‍යම යුරෝපේ , ජපානේ , නවසීලන්තේ , ඔස්ට්‍රේලියාව වගේ රටවල මිනිස්සුන්ට පමණි
ඊශ්‍රායල් ජාතිකයන් ගිය වෙලාව, ගුවන් යානා අංක, ගිය තැන ආදී සියළුම අනවශ්‍ය විස්තර වගකීම් විරහිතව දැම්ම එකේ එයාලගේ නම් ගම්, හැඳුනුම්පත් අංක, පාස්පෝට් අංක එහෙම නොදැම්මේ ඇයි. අපි හැමවෙලේම හිතන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාව.
යුදෙවු ජාතිකයෝ කියන්නේ අහිංසක මිනිස්සු නොවේ , වසර දහස් ගණනක් තිස්සේ ලෝකේ එක එක රටවල ප්‍රශ්න පටලව ගනිපු ජාතියක් , මේ ගොල්ල යුද්දේ කාලේ අපේ හමුදාවට මුදලට පුහුණුව සහ අයුධ දෙනකොට , කොටින්ටත් ගුවන්යානා මිසෛල් වගේ දේවල් අඩු මිලට දුන්නා , ඊට පස්සේ අපේ හමුදාවට මිසයිල නාශක පද්ධති දුන්නා. මේ යක්කු නම් අපට අවශ්‍ය නැහැ. මේ ගොල්ලට ආරක්ෂාව දෙන්න බැහැ. ඒක නිසා එම නිසා විස ප්‍රතික්ෂේප කරනවා කියල අලුත් සංචාරක විස ප්‍රතික්ෂේප කලා නම් ඉවරයි. මේ රටේ සිට එන සංචාරකයෝ අතලොස්සක් නිසා අපේ සංචාරක කර්මාන්තෙ මුළුමනින්ම විනාශ කරගන්න බැහැ.
ශ්‍රී ලංකාවේ ආරුගම්බේ, පොතුවිල්, වැලිගම වැනි මුස්ලිම් බහුතරයක් වාසය කරන ප්‍රදේශවලට ඊශ්‍රායලය මානසික රෝගීන් දහස් ගණනක් පදිංචි කිරීමට විශාල මුදල් කන්දරාවක් විසිකර නැගෙනහිර සහ දකුණු පළාත්වල දෙවැනි ඊශ්‍රායලයක් නිර්මාණය කිරීමට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉතා සූක්ෂ්ම ලෙස ක්‍රියා කරයි. ඊශ්‍රායලය ගාසා යුද්ධයේදී ඊශ්‍රායල සන්නද්ධ හමුදාවන් මානසික ලෙඩුන් මුස්ලිම්, දෙමළ හා සිංහල ජනතාවගේ ඉඩම්වල පදිංචි කර ජීවත් කර ඉඩම්වල අනාගතයේ නව ඊශ්‍රායල් රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා ආරුගම්බේ, පොතුවිල් ප්‍රදේශය, ඇමෙරිකාව හා ඊශ්‍රායලය හඳුනාගෙන ඇත. එමෙන්ම මෙම ප්‍රදේශයේ වෙසෙන බහුතර මුස්ලිම් සහ දෙමළ ජනතාව සාමයෙන් සහජීවනයෙන් ජීවත් වෙද්දී ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රදේශය ආරක්ෂා කිරීමට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට බොරුවක් ප්‍රචාරය කරමින් නව රජය අර්බුදයට පත් කිරීමට ඇමරිකාව දැනට සමත් වී තිබෙනවා. මෙම ප්‍රදේශයේ යුද්ධයෙන් පීඩාවට පත් ඊශ්‍රායල් පිස්සන් සහ පිස්සන්ගේ අවශ්‍යතා සහතික කිරීම එම බොරු ප්‍රචාරයේ ඉලක්කයයි...
රටේ ආරක්ෂාව රජය වගකීමෙන් කරන බව ජනාධිපති සහ කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත. ඊට අමතරව රටේ ආරක්ෂාව පිළිබඳව රටේ ජනතාව කිසියම් සැක කටයුතු හෝඩුවාවක් දැනගත්තොත් ආරක්ෂක අංශයට දැනුම් දීමෙන් අවදානමෙන් මිදිය හැකියි. අනික 22 දෙදෙනක් පිටවී ගියා කියන්නේ රටේ පුරවැසියන් නොවෙයිනේ නේද...? සංචාරයට ආවාම ඒවා හමාර නම් කොහොමත් යනවානේ... එතකොට යන යන සංචාරකයින් ගනන් කරන්නද? දැන් අදහස් කරගෙන ඉන්නේ... එහෙනම් අපේ අම්මලා අක්කලා දුවලා බැල මෙහෙවරකම් සඳහා 25ක් නොවෙයි දහස් ගණනක් යනවා මාසයකට....
සංචාරකයින්ගේ ජාතිය මොනවා වුණත් ජාතිය ආරක්ෂාව ඉතා වැදගත් සහ එය උපරිමයෙන් පවත්වා ගත යුතුයි. නමුත් විශේෂයෙන් විදේශිකයින් අපේ රටේ සංචාරක වීසා අවභාවිතා කර නීතී විරෝධීව ගොඩනැගිලි, දේපල ලාංකීයන්ගේ නමට අරන් ව්‍යාපාර කරගෙන යනවා.. වගේම අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනය වන බුද්ධි තොරතුරු රැස්කරනවා කියලා හිතෙනවා මේ වගේ වැඩපිළිවෙලක් තියෙන නිසා. මේ ගැන රජය අවධානය කළ යුතුයි. සංචකයින් සංචාරය විතරක් කර රටින් පිටවිය යුතුයි...!