
(විමුක්ති එස් රුද්‍රිගු)
සේවක අර්ථසාධක අරමුදල තැන්පත් කර ඇති විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙන ප්‍රතිලාභයන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය යටතේ අඩු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය අනවශ්‍ය හෝ සාධාරණව / අනවශ්‍ය සහ සාධාරණව සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 77කගේ මතය බව නවතම සමීක්ෂණයකින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙන ප්‍රතිලාභයන් අඩු කිරීමට ගත් තීරණය අත්‍යාවශ්‍ය මෙන්ම සාධාරණ අයුරින් සිදුකර ඇතැයි වැඩිහිටි ජනගහනයෙන් සියයට 10 කගේ මතය බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
එසේම වැඩිහිටි ජනගහනයෙන් සියයට 13කට මේ පිළිබඳ කිසිඳු අදහසක් නොමැති වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ගෙවුණු සැප්තැම්බර් මාසයේ දී, ශ්‍රී ලංකාව සුවිශේෂී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සම්පූර්ණ කළේ ය.
එහිදී, රුපියල්වලින් ගෙන ඇති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ බර පැටවුණේ සේවා නියුක්තිකයන්ගේ විශ්‍රාමික අරමුදල්වලට ය.
බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රවල සේවා නියුක්තිකයන්, පෞද්ගලික ණය හිමිකරුවන් සහ බහුතරයක් රාජ්‍ය සේවකයින් (රජයේ වෙනම විශ්‍රාමික වැඩසටහනක සිටින) මෙම පිරිසට අයත් වූයේ නැත.
ශ්‍රී ලංකාවේ මෙම ක්‍රියාව, ගෝලීය මට්ටමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන්වලට නව පූර්වාදර්ශයක් වීමට ඉඩ ඇත. ශ්‍රී ලංකාව සිදුකර ඇත්තේ, විශ්‍රාමික අරමුදල් සම්බන්ධයෙන් පොදුවේ සියලුදෙනාට සම-සමව සැළකෙන ප්‍රතිපත්තියක් නොව එකිනෙකාට වෙනස්ව සැළකෙන හානිකර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංකොලොත් භාවයේ අරුත ශ්‍රී ලාංකිකයන් තවමත් අවබෝධ කරගෙන නැත. ඕනම දෙයක් කරන්න අපි සනීප වෙන්න ඕන.
ඔය 10% ආණ්ඩුපක්ශේ දේශපාලුවෝ වෙන්න ඕන
ඔව් අපිත් කියනවා ප්‍රතිලාභ අඩු කරන්න. රට යන්නේ හොම්බෙන් එහෙනම් උඹලත් ටික දුරක් හොම්බෙන් පලයල්ලා. ජෙප්පෝ හදන්නේ ඇත්ත වසංකරලා උඹලාගේ කරපිටින් බලයට එන්න.
නිදහසින් පස්සෙ වත් කිසිම මෙ රටෙ පාලකයෙක් රට ගැන හිතුවෙ නෑ. එහෙම හිතුව නම් මෙහෙම මෙ රටෙ මිනිස්සු දුක් විදින්න ඕනත් නෑ.
ඔකට කැමති කිවුව 10%තමා හොරා කාපු උන් ටික.
රාජපක්ෂ වික්කම සිංහ හොර කල්ලියට රටේ තියෙන ඡන්ද ප්‍රතිශතය තමයි ඔය 10% නියෝජනය කරන්නේ, ඔවුන් හොරාකාලා රට විනාශ කෙරුවා නම් ඒවායේ පාඩුව, අලාභය ඒ අයගෙන් අයකර ගන්න ඕනෑ කියලා මෙතන තප්පුලන බමුණාට මතක්කරලා දෙන්න ඕනෑ...!
2005 මහින්ද ජනාධිපති වනවිට රටේ සමස්ථ ණය ප්‍රමානය බිලියන 11 ක් අද වනවිට එය බ්‍රිලියන 80ක් ඉක්මවා තිබෙනවා එහෙම උනේ ජෙප්පෝ රටගිනි තිබ්බ නිසාද මංකොල්ල කෑව නිසා මිනි මැරුව නිසා එහෙම නැත්නම් රාජපක්ෂ වික්‍රමසිංහ හොර කල්ලිය මාරුවෙන් මාරුවට හොරා කෑව නිසාද කියලා ඊළග මැතිවරණයේදී රටේ මහජනතාව මේ හොර කල්ලියට මෙන්ම ඔවුන්ට ආවඩන මෝඩ ගැත්තන්ටත් කියලා දේවි, ඒක ඉක්මනට දැන ගන්න උවමනා නම් ඡන්දයක් තියලා බලා ගන්න පුළුවන්.
Jvp ලඟ ලඟම එනවා .බයද ?
මේ රටට සැබෑවටම ආදරය කරන මිනිසුන් තමයි මේ රටේ සුළු ජාතීන්. දෙමළ, බර්ගර්, මැලේ ජාතිකයින් මෙරටේ රාජ්‍ය තන්ත්‍රයේ තනතුරු දරන වකවානුවේදී මේ රට මීට වඩා බොහෝ සීලාචාර රටක්.