(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු ගෙන යන්න බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැබට ඊයේ දහවල් පැමිණි අවස්ථාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඊ.පී.එෆ් අරමුදලේ ස්වාධීන කළමනාකාරීත්වය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
"දෙපැත්තම කියනවා මම හරි කියලා.ඉතින් ඇයි දෙපැත්තට එකට එකතු වෙලා වැඩ කරන්න බැරි"යනුවෙන් ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන විදිය හොඳ නැද්ද? අලුත් ක්‍රමයේ හොඳ මොකක්ද? පැහැදිලි කරලා වැටුප් වරප්‍රසාද ගන්න.
මිනිස්සු දුක් මහන්සි වෙලා උපයන මුදලින් ඉතුරු කරන මුදලට කෙලින පාපත්තර පාලකයින්... අපේ රටේ පාලකයෝ මිනිසත් බවක් ලබා උපන් රටටවත් එරටේ ජනතාවටවත් කිසිදු ආදරයක් නෑ. ඔවුන්ට ඊළඟ ඉපදීම තිරිසන් භාවයක්ම උරුමයි.