(ඩයනා උදයංගනී)
මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අද (8) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මහජනතාව මාස දෙකකට ආසන්න කාලයක් තුළ නිවෙස් තුළ රැඳී සිටි නිසා ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ ගොස් ඇති බව කී ඇමැතිවරයා එලෙස නිවෙස් තුළ රැඳී සිටින ලෙස උපදෙස් දුන්නේ රජය බැවින් ඉහළ ගිය විදුලි ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
විදුලි බිල සම්බන්ධව පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීම සඳහා පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල දුන් උපදෙස් අමාත්‍යවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද (8) අමාත්‍ය මණ්ඩලයට යොමු කළ අවස්ථාවේදී එම වාර්තාවේ නිර්දේශිත කරුණු වලින් ඔබ්බට ගොස් මහජනතාවට උපරිම සහනයක්ලබා දීමට රජය තීරණය කළ බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බිල ඉහළ ගියේ පාවිච්චිය වැඩිවුණු හින්දා නෙමෙයි. ගණනය කළ විදිහේ වැරැදි හින්දයි.
අනේ හැමදාමත්ම ඡන්දෙ තියනවා නම් අපි කොච්චර වාසනාවන්තද?
ඉතා හොඳ තීරණයක්...
ප්‍රමාද වී හෝ ගත් පියවර අගනා දෙයක්.. මහජන මතයට හිස නැමීමක්... මෙයින් සන්නිවේදනය වන අනෙක් කරුණ නම් ව්‍යංගාර්ථයෙන් වුවද විදුලිබල මණ්ඩලය තම පාරිභෝගිකයින්ගේ මුදල් අයථා ආකාරයකින් ගසා කෑ බව නොවේද? මින් ඉදිරියට හෝ මෙවැනි දේ ඇති නොවීමට වගබලා ගැනීම ඉතා වැදගත්.. නැතහොත් විදුලිබල මණ්ඩලයද ජනතා මුදල් වංචා කරන ආයතනයක් බවට සමාජගත වෙනු ඇත.
ඔය මනුස්සයා මෙතෙක් කී දේවල් බොරු.., මේ වගේ අය රටේ නාමයෙන් පාර්ලිමේන්තුවට යවන්න එපා...
රජයේ මුදල් කියන්නෙත් මහජනතාවගේම මුදල් නේ...
ඡන්දෙට කළින් දුන්නා නම් හොඳයි.
එතකොට මහින්දානන්ද කිව්වේ තවත් බොරුවක්ද? ඔහු කිව්වනේ මාර්තු සහ අප්‍රේල් මාස සඳහා මුදල් අය කරන්නේ නැහැ කියලා, විදුලි බල රාජ්‍ය ඇමති හැටියට වගකීමෙන් කියන බව...
ඉහළ ගිය විදුලිබිල සම්බන්ධව, මෙසේ අමාත්‍ය මණ්ඩලය එකතු වී සාධාරණ ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන ස්තුතියි. එය ජනතාවට කිසියම් හෝ සහනයක් ගෙනදේවි... !
ඡන්දය අතළඟ නිසා ජනතා සිත්සතන් නිවී සනසාලන මෙවැනි ප්‍රකාශවලට නොරැවටීමට කටයුතු කරමු.
අමරවීරගේ සල්ලි.., ඒකටනේ පාසල් වාහන පාට වෙනස්කර තීන්ත වලින් කොමිස් ගහන්න යන්නේ...
ඔය දීපු සහන ඡන්දෙ ඉවරවෙලා බඩුමිලෙන් අල්ලයි..
දැක්මක් නැති දේශපාලුවන්. රනිල් විදුලි බිල ගැන මැතිවරණ වේදිකාවල කිය කිය යන නිසා, දුන්න පොරොන්දුවක්...
කරනකම් විශ්වාස නැත. මීට පෙර විදුලි බිල පෙන්වා නිවැරදි කරගත හැකි බව මාධ්‍ය වලින් ප්‍රකාශ විණි. නමුත් විදුලි බල මණ්ඩලයට ගිය අයට හිස් අතින් හැරී එන්නට විය...
බිල දෙගුණයක් කරලා එ්කෙන් භාගයක් රජය ගෙවනවා. හරිම හොඳ රජයක්....
මෙයාලා බොරුවට විදුලි බිල ඉහළට දාලා දැන් අඩු කරනවා.
ගණනය කිරීමේ වරදකින් වූ දෙයකට වන්දි ගෙවන්නේ වංචනිකයන් විතරයි. වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසම්ද ඒ දුක...
එක එක උප්පරවැට්ටි යොදා ජනතාව රැවටීම ඉතා පහසු බව මෙහි දමා තිබෙන සමහර කමෙන්ට්වලින් පැහැදිලියි.
අනේ! මගේ බල්ලට වත් එපා ඔය දෙන සහන... ගෙදරට ලයිට් බිල එව්වට පස්සෙද ඔය කියන සහන මතක් උනේ?
බිල් හදා තිබෙන ක්‍රමය සම්පූර්නයෙන් වැරදි, එය වංචාසහගත ලෙස මුදල් ගසා කැමක්, සාමාන්‍ය මාසික බිල රුපියල් 4000ක් නම්, බිල් පත් එවා ඇත්තෙ රුපියල් 8000ක් ලෙස, එමගින් කිසිඳු සහනයක් ඇති නොවේ. මේ ආණ්ඩුවත් බොරුවෙන් ගෙනියන්නෙ කවුරුවත් අපෙක්ෂා නොකරපු ලෙස.
අපේ වහලා තිබ්බ ගෙදර ලයිට් බිල පස්ගුණයක්.. වෙනදා 200යි.., මේ පාර 1050යි. අපි නැති අතරේ කොරෝනා වෛරස් ඇවිල්ලා ජීවත් වෙලාද?
කොරෝනා නිසා දුන්නු සලාක හොඳටම ඇති, බීජ ඇට පැකැට්ටුව, 5000, පොහොර, 100 ට සැමන්, පරිප්පු.
වැඩ නැති කාලයේ ගෙදර ඉඳන් කාමරවල ෆෑන් ලයිට් දාගෙන ටීවී බලන්න විදුලිය පාවිච්චිකරලා බිල වැඩි වෙලානම් සහන දෙන්න එපා. එය අනිකුත් බිල් ගෙවන අයට කරන අසාදාරණයක්.
ගෙදර ඉන්න කීවාට කාමරවල ෆෑන් ලයිට් දාගෙන ටීවී බලන්න කීවේ නැහැනේද? මොනවාද මේ රජයක් කරන වැඩ?
ඡන්ද ගුන්ඩුවක්ද දන්නේ නැහැ.
අදහසනම් හොඳයි. ඡන්දෙට කලින් සහනය දුන්නොත් ගොඩ තමයි.
නියම ක්‍රමය විදුලිබිල වැඩිකරලා ඒකෙන් 10% අඩුකරලා මිනිස්සුන්ව ගොනාට අන්දවලා අඩුකළා කියලා හරියට මේක විදුලි ඇමැතිගේ සාක්කුවෙන් දෙනවා වගේ කතා කරන්නේ. රජයේ මුදල් කියන්නේ අපේ මුදල් කරන දෙයක්... ඡන්දෙන් ඉස්සෙල්ලා කරන්න. ඡන්දෙන් පස්සේ නම් මුකුත් අපිට ලැබෙන්නේ නැහැ.