
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු මෝටර් රථයක් මූල්‍ය සමාගමක පිරිසක් විසින් පැහැරගෙන යද්දී අනතුරකට ලක්ව ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මූල්‍ය සමාගමේ නිලධාරින් විසින් මේ පිළිබඳව ඇල්පිටිය පොලිසියේ පැමිණිල්ලක්ද දමා මෝටර් රථය අද (04) දහවල් අයිතිකරුගෙන් පැහැරගෙන ගොස් තිබේ.
එසේ මෝටර් රථය පැහැරගෙන යද්දී ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍රදේශයේදී වාහනය අනතුරකට ලක්ව කුඹුරකට ධාවනය වී තිබේ. අනතුර සිදුවීමෙන් පසු එහි සිටි අය පළාගොස් ඇති අතර එහි සිටි කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ටම ආතල්... ඒ මිනිස්සු පොලිසියේ පැමිණිල්ලකුත් දාලා. හැබැයි වෙලේ පෙරළුණාම පලා ගිහින්...
පොලිසියේ පැමිණිල්ල දාලා වාහන පැහැරගෙන ගිහින්ද? නැත්නම් චන්ද්‍රසිරිගේ ආතල් එකක්ද?