IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉසුරු සොයා ගිය මව ගෙනත් දෙන්නැයි දරුවෝ ඉල්ලති

(කේ.ඩී.දේවප්‍රිය)

සෞදි අරාබියේ රැකියාවකට ගොස් දැනට අතරමංව සිටින සිය බිරිය ගෙන්වා දෙන්නැයි සෙල්ලකතරගම කොහෙඹ දිගාන පදිංචිව සිටින පි.චමිල්සිරි නන්ද නමැති සිව්දරු පියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සෞදියේ රැකියාවක් නොමැති තම බිරිය අපා දුක් විඳින බව පැවැසූවේ යැයි ද ඔහු කියයි.

දරුවන් හතර දෙනකුගේ පියකු වන චමිල්සිරි මහතා අඬාවැටෙමින් ඉල්ලා සිටියේ තම බිරිය ගෙන්වා දෙන ලෙසයි.

මගේ නෝනා රට ගියේ දැඩි ආර්ථික ගැටලුවලින් මිදෙන්න. ⁣එහෙත් නෝනා සවුදි අරාබියට ගියත් තවමත් රස්සාවක් ලැබුලා නැහැ.

පසු ගිය මාසයේ (අප්‍රේල්) කොළඹ එජන්සියක ආධාරයෙන් ඇය සෞදි අරාබියේ රැකියාවකට ගොස් ඇත.

ඇය මේ වන විට සවුදි අරාබියේ ඒජන්සිකරුවන්ට අයත් කාමරයක සිරකර සිටින බව එච්. එම්. දිල්රැක්ෂි මව සදහන් කර ඇත .අ

තවත් කාන්තාවන් 10 කු පමණ මෙම කාමරයක සිටින බවත් හැකි ඉක්මනින් තමන් බේරා ගන්නා ලෙස සිය සැමියා වෙත පණිවිඩය එවා ඇත .

සිය බිරිඳ සම්බන්ධයෙන් විදෙස කටයුතු අමාත්‍යාංශය වෙත ද දුරකතනය ඔස්සේ පැමිණිල්ලක් කළ බවත් එහිදි ඔහුන් පවසා ඇත්තේ පැමිණ පැමිණිලි කරන ලෙසයි .

සිය දරුවන් දමා කිසිදු රැකියාවක් කිරිමට යැමට නෙහැකි බව පවසන දරුවන් ගේ පියා චමිල්සිරි නන්ද මහතා සදහන් කළේ තමන්ටෙ සිය බිරිඳ පැවසුවේ රට ගොස් නිවසක් සැදිමට මුදල් එවන බැවින් දරැවන් සමග ජිවත් වන ලෙස බව චමිල්සිරි නන්ද මහතා පවසයි .‍ෙ



අදහස් (7)

ඉසුරු සොයා ගිය මව ගෙනත් දෙන්නැයි දරුවෝ ඉල්ලති

SL Thursday, 25 May 2023 11:04 PM

රට කාපු 225 නිසා ඉපදෙන්න ඉන්න උනුත් දුක්විදිනව

:       0       2

සසර Friday, 26 May 2023 06:52 AM

ඔය තියෙන්නේ ඉහල පැලැන්තියේ අයගේ කෙරුවාව...

:       1       2

Rohana Friday, 26 May 2023 07:07 AM

දුප්පත්කමින් මිදෙන්න රට රැකියා සොයාගියත් මේවැනි කාන්තාවන් අතරමංකරන ඒජන්සිකරුවන් ලවා ඔවුන් ගෙන්වාගැනීමට තිරසාර වැඩපිලිනෙලක් අවශ්‍යයි. එසේ නොකරන ඒජන්සිකරුවන්ට දැඩි දඩුවම් දියයුතුයි.

:       0       5

ලුම්බිණි Friday, 26 May 2023 09:58 AM

මේ වගේ අසරණ අයට "ඉසුරු හොයා ගිය" කියලා කියන්න එපා දෙය්යනේ. ජිවිතේ ගැට ගහගන්න කීයක් හරි හොයාගන්න ගිය තවත් අසරණ අම්මෙක් මේ. කුඩු ජාවාරම් කාරයෝ පිරමිඩ් බිස්නස් කාරයෝ නෙවෙයි.

:       0       9

කිරිපුතා Friday, 26 May 2023 11:57 AM

කසාද බැඳපු මිනිසුන්ට පණ තියෙනවා නම් කිසිම හේතුවකට මව්වරුන් මෙහෙකාර සේවයට යවන්න එපා...! ඔය එකක් විතරයි. තව කොයිතරම් දුක් පුවත් සැඟවී තියෙනවාද? ලංකාවේ නිවසක වැඩට යන්න පුළුවන් වෙන මොකුත් කරන්න බැරිනම්. ලැබෙන ගාණෙත් ලොකු වෙනසක් නෑ. ජීවිතේ රැකෙනවානේ...

:       1       4

ලුම්බිණිFriday, 26 May 2023 03:08 PM

සුදර්මා නෙත්තිකුමාර සරත් ඩි ආබෲ වගේ අයගේ ගෙවල්වලට ගිය අයත් නිකරැනේ මලා. ලංකාවෙ අය සුද්ද කරන්න බෑ. හැබැයි පැනල එන්න වත් පුලුවන් මෙරට ඉන්න කොට. පිටරටකදි කොහෙ කියලා පනින්නද? උඩකින් බිමට තමයි. මතකනෙ සිංගප්පූරුවට ගිය නදීකා. අසරන ජීවිත

:       0       1

සම්පත් Friday, 26 May 2023 12:30 PM

පිරිමියෙක් උනාම ගැනිගෙන් හම්බ කරලා කන්න ලැජ්ජා වෙන්න ඕනේ. මෙච්චර පොඩි ළමයි ඉන්න මවක් මේ දරුවෝ දාල කොහොම ගියාද. කම්මැලිකම නැත්නම් උනන්දුව , මොළේ තියෙනවනම් දරුපවුලත් එක්ක හොඳින් ජීවත් වෙන්න ඕනේ තරම් ක්‍රම ලංකාවේ තියෙනවා. අල්ලපු ගෙදර එකා කරන දේවල් කරන්න ගියාම තමයි මෙහෙම වෙන්නේ. පවුල යන්න පෙර මේවා හිතන්න මොලයක් තිබ්බෙම නැද්ද මේ තාත්තට.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site