





(නිමල් ජයරත්න)
වෙහෙරගල ප්‍රදේශයේදී මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටී සිටි වන අලියෙකු අද(28) වනජීවි නිලධාරීහු පිරිසක් ගොඩගෙන අලුත්ඔය රක්ෂිතයට මුදාහැරීමට පියවර ගත්හ.
වෙහෙරගල අඩවි සහකාර ආර්.ආර්. ශාන්ත මහතා ඇතුළු වෙහෙරගල වනජීවි කාර්යාලයේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු අලියා ගොඩගැනීමට පැය හතරක මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.
අලියාගේ වයස අවුරුදු 35 ක් පමණ වන බවත්, කිලෝමීටර් හතරක් පමණ දුරක් සැඬපහරට ගසාගෙන ගොස් ඇති බවත් ශාන්ත මහතා පැවසීය.
ප්‍රදේශවාසීන්ගෙන ලද තොරතුරකට අනුව එහි ගොස් ටයර්, කඹ සහ යකඩ දම්වැල් ආධාරයෙන් අලුත්ඔය ප්‍රදේශයෙන් අලියා ගොඩගත් බවත් වෙහෙරගල අඩවි සහකාරවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝ මීටර 4ක් විතර වතුරේ ගහගෙන ගියා නම් තව පොඩ්ඩෙන් අලියාගේ ජීවිතෙත් නැති වෙන්න තිබ්බා. එහෙම වුණා නම් තවත් අලියෙක් ගැන කණගාටුදායක කතාවක් අහන්න වෙනවා. අනේ වනජීවී නිලධාරීන්ට සහ ප්‍රදේශයේ ජනතාවට ස්තුතියි අලියව බේරා ගත්තට... අපේ මිනිස්සු සතා සිවුපාවට ආදරය දයාව කරුණාව දක්වන එක ගැන මට හරිම සතුටුයි.
ඇලවල් කපලා හැමතැනම... මාව ගොඩට රන් පත්තරේ දාපු හැමෝටම පින් නමුත් මේ ඇලවල් කපපු ගොයියා අහු වුණොත්....!!
අලි දැන් ඇලේ! උන් ගොඩ ගන්නෙත් අපේ ආණ්ඩුව! හැබැයි සර්ලා ඕවා කරන්න ඕන කැලේ අලින්ට විතරයි. අර කකුල් දෙකේ අයට නම් ආයේ කල්පෙකටවත් ඉහ ගහගන්න දෙන්න හොඳ නැහැ,
ඉතාම හොඳ පින්වත් සත් ක්‍රියාවක්. අපේ අයගේ ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව සතෙක් වුනත් කරදරයකට පත් වුනාම එක් සිත්ව එක්සත්ව කටයුතු කිරීම හරිම සතුටුයි. දුකට පත් අලියෙක් බේරාගත් සැමට සියළු දෙවි රැකවරණය හා උතුම් රත්නත්‍රයේ පිහිට ලැබේවා. ඔබලාගේ පවුල්වල අයටත් නිදුක් නිරෝගී බව හා සියළු ආරක්ෂාව ඇතිවේවා.