(සුජිත් හේවාජුලිගේ)
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙව්වන්දී නමැති සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් දෙන අයකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් දෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
විසිපස් හැවිරිදි සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් එම තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ 0718591727 දුරකතන අංකයට හෝ එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ 0718591735 දුරකතනයට ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.
තොරතුරු දෙන්නන්ගේ රහස්්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය දිගින් දිගටම විමර්ශන පවත්වමින් සිටී.
අතර ඉෂාරා සෙව්වන්දී සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාන රැසක් පොලිසිය පසුගිය දිනවල පරීක්ෂාවට ලක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුන්සිරි සොයිසාගෙන් අහන්න.
අන්න පුන්සිරි සොයිසා පොලිසියට ගිහින් ලක්ෂ දොළහ ඉල්ලනවලු... එයා තමයි සෙව්වන්දි ගැන මුලින්ම කිව්වේ කියලා.
මේ දවස්වල මා රිලව් ගනිමින් සිටිනවා. හැලි වඳුරෝ එකයි, රිලව් 159යි බූරුවෝ හැටඅට ලක්ෂයයි. රට ඉන්න ගවයෝ ගාන නම් දන්නේ නැහැ. හොඳයි මම බාර වුනොත් මට කීයක් දෙනවාද?
සෙව්වන්දිම කෝල් එකක් දීලා ඉන්න තැන කිව්වොත් තමයි ඉතින්...
මේ වගේ අම්මන්ෆිලා. මේවා කරන්නේ ගුවන්තොටුපළට ගිහින්. එක කෝල් එකයි දැන් මෙයා රටේත් නැහැ. හිටියත් ඉන්නේ පාතාලයට සම්බන්ධ කෙනකුගේ නිවසක. ඒකත් හරි අමාරු දෙයක්... මොවුනෙකාට එකා මරා ගන්නා නිසා. ළඟම හොඳම මිතුරිය හොයා ගත්තා නම්.., හොයන්න ලේසියි..!
බු හ හ හා. මේව තමයි බයිලා අලුත්ම නාද බයිලා
මං දන්න පුන්සිරියෙක් නැ , නමුත් එක දෙයක් දන්නවා, පොලිසිය ඔත්තු කරුට දෙන ලක්ෂ දොලහ වගේ දෙගුණයක් හාංගාගෙන ඉන්න උදව්කරුට ගෙවන්න පොරොන්දු වෙලා මොකද වෙන්නේ. ඒ ගොල්ලන්ට හොඳට සල්ලි තියනවනෙ.
මෙයා ජිවත් වෙලා හිටියොත් හුඟත් අයට තර්ජනයක්, ඒ පැත්තෙන් බලන්න මොකද ඔය ගනුදෙනු වල මනුස්සකම් නැ
කෝල් එකක් දීලා ඉන්න තැන කිව්වොත් තමයි ඉතින්. නැතිනම් කොහේද මේ අය...!
කෝ අර ආරක්ෂාව ගැන පන්ති පවත්වනවා කියපු කෙනා.
ලක්ෂ 12ක් නම් මදි.. ත්‍රීවීල් එකක්වත් ගන්න බෑ. අනිත් එක ඊට පස්සේ කියපු කෙනාට ශොට් එකෙන් බේරෙනවා බොරු...
බංකුවකුත් අරන් බදුල්ල බස් එකට නැග්ගා ටියුෂන් ගන්න යන්න. ආරක්ෂක ඇමැති කමට පැන්ෂන් ගිය රාලහාමි කෙනෙක් දැම්මා නම් මීට වඩා හොඳයි. මෙලෝ රහක් නෑ. බදුල්ලේනේ.
ඔත්තුව දුන්නු ගමන් නිව්ස් එක ඩුබායි වලටම යයි... කවුද කිව්වේ කියලා… පුන්සිරි සොයිසා ඔච්චරම කියනවා නම් එයාගෙන්ම අහගන්න. එයා තමයි සෙව්වන්දිත් එක්ක යාළු වෙලා හිටියේ...