IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉෂාරා සමග සබඳතා පැවැත්වූ තවත් අයෙක්

(රෝෂන් තුෂාර)

 ගනේමුල්ලේ සංජීව  වෙඩි තබා ඝාතනය කිරීමට  විදේශගත පාතාල කල්ලි සාමාජිකයින් සමඟ  පූර්ව සැළසුම් සකස් කර අධිකරණය මගහැර සැඟව සිටිනවා  යැයි කියන ඉෂාරා සෙව්වන්දී සමග සම්බන්ධතා පැවැත්වූ තවත් පුද්ගලයකු අනාවරණය වී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය  අද(29) පැවසීය.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන්ට අමතරව හඳුනාගත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියෝග නිකුත් කරන ලෙසද පොලිසිය  ඉල්ලා සිටියේය.

මෙම සැකකාර පුද්ගලයා සෙව්වන්දිගේ ජංගම දුරකථනයට නිරන්තරයෙන්  ඇමතුම් ලබා දී ඇති බවත්,දුරකථන දත්ත වාර්තා ඔස්සේ සැකකරු හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාල නියෝග නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තිදෙනෙකු හා කළ ප්‍රශ්න කිරීම් අතරතුරෙදි මෙම සැකකාර සිම්පත හා දුරකථන සබඳතා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බවත් සඳහන් කළේය.



අදහස් (1)

ඉෂාරා සමග සබඳතා පැවැත්වූ තවත් අයෙක්

ජිල්බු Friday, 29 August 2025 07:52 PM

සබඳතා පැවැත්තුවයි කිව්වේ! තේරුනේ නෑ ...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 94 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site