IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශයේ ‘ඔම්බුඩ්ස්මන්වරයාට’ නිල වශයෙන් පැමිණිළි කළ ද ඒ පිළිබඳව කටයුතු නොකළ බවට හිටපු රග්බි සභාපති රිස්වි ඉල්ලියාස් මහතා පවසයි.

අසංග සෙනෙවිරත්න මහතා 2012 වසරේ සිට 2018 වසර දක්වා ද, ලසිත ගුණරත්න මහතා 2018 වසරේ සිට 2020 වසර දක්වා ද, සභාපති ධූරය දැරූ බවත් එම කාලයේ රුපියල් මිලියන 55 ක් හෙවත් රුපියල් කෝටි 5 කට අධික මුදලක් අවභාවිත වී ඇති බවත් ඒ මහතා පැවසීය.

එම කාලය තුළ ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ෆීජි ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ගෙන ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව සළසා ඇති බවත් එම බරපතල නීති විරෝධී සිද්ධිය පිළිබඳව මේ දක්වා කිසිඳු විමර්ශනයක් කර නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියට ලෝක රග්බි සංගමය ශ්‍රී ලංකා රග්බි වෙත පැනවූ දඩයට ලෝක රග්බි සංගමය සංවර්ධන සඳහා වෙන්කළ මුදල් විධායක සභාවේ අනුමැතියෙන් තොරව හිලව් කිරීමට අදාල කාලයේ කටයුතු කර ඇති බව කියන ඉල්ලියාස් මහතා මෙම සිද්ධීන් පිළිබඳව පරීක්‍ෂණ කරන ලෙස හිටපු ක්‍රීඩා ඇමතිවරු ඇතුළු බලධාරීන්ගෙන් අඛණ්ඩව ඉල්ලීම් කළ ද එය ඉටුනොවූ බව ද පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ක්‍රීඩා අමාත්‍යවරිය ද වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව මේ පිළිබඳව අවදානය යොමු කරනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බව ද රිස්වි ඉල්ලියාස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site