(අංජුල මහික වීරරත්න)
රටේ අපරාධ පැත්ත නැති කරන්න තමාට ඉලක්කයක් ඇතැයි ද එම ඉලක්කයට යෑමට බාධා කරන ඕනම කෙනකුට ගහගෙන යන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
මොන තරම් "පවර්ෆුල්"පුද්ගලයන් උනත් තමා කටයුතු කරන්නේ එහෙම යැයිද අමාත්‍යවරයා කීය.
ලබන ජුනි 30 වැනිදාට පෙර තමාට හැම පලාතේම අපරාධ මර්දනය සම්බන්ධයෙන් ලොකු වෙනසක් දැකිය යුතු බවද ටිරාන් අලස් මහතා කීය.
කොළඹ පැවති පොලිස් වැඩමුළුවකට සහභාගී වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
සමාජ මාධ්‍යයේ සිටින ඇතැම් පිරිසක් දැන් කුලප්පු වී තමාටත් පොලිස්පතිතුමාටත් ගහන බව කී අමාත්‍යවරයා මේ සියල්ලම කුඩු සල්ලි බව පැවසීය .
තමා අවුරුදු ගණනක් ඔය කාරණාවලින් තෙම්පරාදු වී සිටින බවද ඔහොම ගහලා තමා වට්ටන්න බරි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පොලිසිය කෙලින් වැඩක් කර ප්‍රශ්නයක් වුනොත් තමා ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ යැයිද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගණනක් ඔයල කොහෙද කෙලින් වැඩක් කරේ?
අපිටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි...!
පොර ටෝක් නැතිව, නීතිය හරියට ක්‍රියාත්මක කරලා පෙන්වන්න. පුළුවන් නම් වැරැදි කරපු එක මැති ඇමැතියෙක්ට දඬුවම් කරලා පෙන්වන්න. එතකොළ අපි පිළිගන්නම් නීතිය හරියට ඉටුකළා කියලා.
කුඩ්ඩන්ගේ සල්ලිවලට රට වනසන ඊනියා කීබෝඩ් වීරයන්වත් නිරුවත් කළ යුතුයි. අරගල මරාලයට කර උර දෙමින් රටේ වත්මන් අරාජිකත්වයට මඟ පෑදු ඔවුන් ගැන සැලකිලිමත් වන්න...!
ඔව් ඔබට එහෙම කරන්න පුළුවන් බව මුහුණ දිහා බලපුවාම තේරුම් යනවා. අපිට තවත් රන්ජන් විජේරත්න කෙනෙක් ලැබුණා කියලා සතුටු වෙන්න පුළුවන් වගේ. ජයවේවා!
එතකොට මහා පරිමාණයෙන් හොරා හාපු රාජපක්ෂලාගේ පස්ස ඉඹගෙන නේ යන්නේ ?
එතකොට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව?
ලොකු ටෝක් දුන්නට රනිල්ගෙන් අහලා තමයි හැමදේම කරන්න වෙන්නේ.අර්ජුන ඇලෝසියස් තාම අල්ලගන්න බැරි උනා .තවුසන්ඩ් ටෝක් විතරයි
අර යුද්ධය කාලේ LTTE එකට සල්ලි දුන්නු එක ගැන හොයලා බලන්න... පුළුවන් නම් නිකන් පුස්වීරයෙක් වගේ වටේට ආරක්ෂාව දාගෙන කෑ ගහන්නේ නැතිව...
ඉස්සෙල්ලාම අත්අඩංගුවට පත්වෙන්න ඕනෑ එවුන් කියන කතා ඇහුවාම දෙකොනින්ම හිනා. දොන් ජුවන් තමයි ඉස්සෙල්ලාම arrest කරන්න ඕනෑ.
ඉස්සෙල්ලාම අර රජයේ බැංකුවලට බිලියන ගණන් පොලු තියලා තියන ඒවා ගෙවුවොත් නරකද?