ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින්, එරට න්‍යෂ්ටික බලාගාර සහ විදුලි බලාගාරවලට පහර දීමට අනතුරු ඇගවීමත් සමග ඉරාන වැසියෝ මිනිස් පළිහක් ලෙස එම බලාගාර අසලට එක් රොක් ව සිටින බව පැවැසෙයි.

ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියෑන් පැවැසුවේ, ඇමෙරිකන් ප්‍රහාර එල්ල වුවහොත් දිවි පිදීමේ අරමුණින් ඉරාන සිවිල් වැසියන් ගණන මිලියන 14 ක් පමණ මෙසේ එරට බලාගාර ආශ්‍රිතව රැඳී සිටින බවය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර තිබුණේ හෝමූස් සමුද්‍ර සන්ධිය කඩිනමින් විවෘත කිරීමට එකගත්වයක් ඇති කර නොගත්තොත්, ඉරානයේ වේලාවන් රාත්‍රී 8 ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බවටය. ඉරානයේ පාලම් සියල්ල පුපුරුවා හරින බවට ද ට්‍රම්ප් තර්ජනය කර තිබුණි.