ඉරාක යුද්ධය අවසන් වී, වසර 23 ක් තිස්සේ, ඉරාකයේ හමුදා කඳවුරුවල රැඳී සිටි ඇමෙරිකන් සෙබළුන් සියලු දෙනා ඉවත් කර ගැනීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

ඉරාක යුද්ධය ආරම්භ වූයේ 2003 දී ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනයට එරෙහිවය. ඒ සඟාම් හුසේන් සතුව, විනාශකාරී අවි ආයුධ ඇති බවට නැගුණු චෝදනා මුල්කොට ගනිමිනි.

එම යුද්ධය අවසන් වූයේ බලයෙන් නෙරපා දැමුණු සදාම් හුසේන් ට මරණ දඩුවම නියම වීමෙනි. හදාම් හුසේන් එල්ලා මරා දැමීම සිදුවිය. ඒ අනුව, 2011 දී ඇමෙරිකාව, ඉරාකයෙන් ඔවුන්ගේ සෙබළුන් ඉවත් කර ගත් නමුත්, ඉරාකයේ ආරක්ෂාව වෙනුවෙන්, සෙබළුන් කණ්ඩායම් කීපයක් ඇමෙරිකාවට අයත් ඉරාක හමුදා කඳවුරුවල රඳවා තැබුණි. ඒ, ඇමෙරිකන් හිතවාදී ඉරාක රජය සමග ඇති කරගත් ගිවිසුමකට අනුවය.

2012 වසරේ සිට අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඉරාකයේ සහ සිරියාවේ ඔවුන්ගේ බලය තහවුරු කර ගනිද්දී, එම සටන්කාමීන්ට එරෙහිව සටන් වැදුණේ ද එම ඇමෙරිකන් සෙබළුන්ය.

වසර 23 කට පසු ඉරාකයෙන් පිටවී ගියේ ඉතිරි වී සිටි එම ඇමෙරිකන් සෙබළුන් යැයි ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් ‘පෙන්ටගනය’ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අද වනවිට ඉරානය, ඉරාකයේ අසල්වැසියකු මෙන්ම සමීපතම මිතුරෙකි. ඉරාකයේ ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි. ඇමෙරිකාව ඉරානයට ගුවනින් පහර දෙද්දී, ඉරාකයේ ඇමෙරිකන් හමුදා ඉලක්කවලට පහර දීම කරන්නේ මෙම ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම්ය. ඉරාක හමුදා මුළුමනින්ම ඉරානයෙන් පිටවී යෑම, ඉරානයේ සතුටට හේතුවක් වනු ඇතැයි පැවැසෙයි.