IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල විනාශ කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද යුද නෞකා සහාය ලබාදුන් බවත් ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා කලාපයේ සිටින ඇමෙරිකා හමුදාව වෙත තමන් නියෝග කළ බවත් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍යවේදීන් අමතමින් පැවැසුවේය. ඉරානයෙන් එල්ලවූ මිසයිල ප්‍රහාරය සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට ඇමෙරිකා සහ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට හැකියාව ලැබුණු බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ප්‍රහාරය මැඩ පැවැත්වීමට හැකියාව ලැබීම ඊශ්‍රායලයේ යුද ශක්තිය පිළිබඳව මෙන්ම ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරයක් සඳහා ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ සූදානම පිළිබඳව සාක්ෂි දරන බව ජනපති බයිඩන් පැවැසුවේය. ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබාදෙන බවද ජනපති බයිඩන් ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලය දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත් ටෙහෙරානයට අත් විඳීමට සිදුවන ප්‍රතිවිපාක ඉදිරියේදී දැකගැනීමට හැකි වනු ඇති බවත් ජනපති බයිඩන් පැවැසුවේය.

ජනපති බයිඩන් සහ උප ජනාධිපතිනි කමලා හැරිස් මිසයිල ප්‍රහාරය නරඹා ඇත. ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබීමත් සමග ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා අතර ඊයේ (01) සාකච්ඡාවක් පවත්වා ඇති බවද පැවැසෙයි.

ඉරාන මිසයිල විනාශ කිරීමට ඇමෙරිකානු හමුදාවට බයිඩන් දුන් නියෝගය තමන් අනුමත කරන බවත් ඉරානය යනු අස්ථාවර භයානක බලවේගයක් බවත් ඉරාන මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් ප්‍රකාශ කළාය. ඉරානය ඊශ්‍රායලයට පමණක් නොව කලාපයේ සිටින ඇමෙරිකානු ජනතාවටද තර්ජනයක් බව ඇය පැවසුවාය.

ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයේ නායකයා ඝාතනය කිරීමට පිළිතුරු ලෙස ඉරානය බැලස්ටික් මිසයිල 181 ක් ඊයේ (01) ඊශ්‍රායලයේ හමුදා ඉලක්ක වෙත එල්ල කළ අතර එම මිසයිල ඇමෙරිකාව සහ මිත්‍ර හමුදා ඊශ්‍රායල හමුදාව සමග එක්ව විනාශ කර දැමුවේය. නමුත් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඊශ්‍රායලයට සහාය දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරද්දී අනෙක් රටවල් ප්‍රහාරය හෙළා දකිමින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවේය.



අදහස් (5)

’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’

Lakmal Wednesday, 02 October 2024 11:57 AM

පිස්සෙක් ඔබ අමතයි

:       41       41

නම* Wednesday, 02 October 2024 12:48 PM

අයියෝ සීයේ, මේ නහින දෙහින කාලේ පල්ලියකට ගිහිල්ලා ඒක අතුපතුගාලා, දෙයියන්ට ටෙක්ස්ට් එකක් දාන්න, ළඟදීම එනවා කියලා. අපායේ යන්නත් ඔප්ෂන් එක තියෙනවා.

:       16       41

විහඟ Wednesday, 02 October 2024 12:55 PM

අනිවාර්යයයෙන්ම ඔය ඉරානය කියන රටට ෂොට් එක දෙන්න ඕනෑ.

:       30       36

බෝම්බ ධර්මේWednesday, 02 October 2024 02:04 PM

කැටපොල් එකත් අරගෙන යමුද හෙට වගේ? ඔයාගේ උණබට තුවක්කුවත් අරන් එන්න...

:       5       20

Kumar Wednesday, 02 October 2024 10:38 PM

යුදෙව් රජයට ඉරානයෙන් පලිගන්න උදව් කරන්න පුවත් ඇමරිකාවේ එක නාලිකාවක දැක ගන්න ලැබුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site