
(අංජුල මහික වීරරත්න)
ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් කොළඹ කිංස්බරි හෝටලයේ දී මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබිණි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන තේ වලින් වැඩි කොටසක් මිල දී ගනු ලබන්නේ ඉරානය විසිනි
එමෙන්ම ඉරානයෙන් ශ්‍රී ලංකාව විසින් ලබා ගත් ණය ආර්ථික අර්බුදය හේතුවෙන් ගෙවීමට නොහැකිව සිටි අවස්ථාවේ ඒ සඳහා තේ ලබා ගෙන එම ණය මුදල් කපා හැරීමට ඉරාන රජය පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ තීරණයක් .බයියෝ බුරයි ද දන්නේ නෑ
කලගුණ සලකන ලාංකීය සංස්කෘතිය තවමත් ජීවමානයි.