
ඊශ්‍රායලය සහ ඉරානය යුද ගැටුම අවසන් බවත්, දෙපාර්ශ්වයම පූර්ණ සටන් විරාමයකට කැමැත්ත පළ කළ බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.
ඇති කරගත් එකඟතාව අනුව කටයුතු කිරීමට දෙපාර්ශ්වයට යම්කිසි කාලයක් ගත වනු ඇති නමුත් හටගත් යුද උණුසුම අවසන් වූ බවත්, සාමය උදා වනු ඇති බවත් ට්‍රම්ප් එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය. සටනක් විරාමය අදියර වශයෙන් ආරම්භ වනු ඇතැයි ද ට්‍රම්ප් පෙන්වා දුන්නේය.
12 දිනක් තිස්සේ පැවැති යුද ගැටුම අවසන්. මම ඊශ්‍රායලයටත්, ඉරානයටත් සුබ පතනවා යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් හොද නිවුස් එකක් නොවේ.....ට්‍රම්ප්ට බඩු බනිස් වගේ.
මේ කථාව ඇමෙරිකන් පිස්සා තනි මතයට කියපු පිස්සු කතාවක්. රටවල් දෙකම එහෙම සාම ගිවිසුමක් ගැන කිසිම දෙයක් මේ පිස්සා එක්ක කතා කරලා නැහැ.
මිසයිල ප්‍රහාර තාම කඳවුරු වෙත එල්ල වූවායින් පසුවද සාමය ගැන මතක් වුණේ...
ට්‍රම්ප් උන්නැහේලා අනාගන්න වගේ හදන්නේ, ත්‍රස්තවාදීන් එක්ක සටන් විරාමවලට, සාම සාකච්ඡාවලට යන්න එපා, ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදින්ගේ උපක්‍රමයෙන්ම උත්තර දිය යුතුයි. අපිට ඕන තරම් අත්දැකිම් තියෙනවා. අපේ පුංචි රටේ අවුරුදු 30 ක ත්‍රස්තවාදය අවසන් කලේ ඒ විදියට. ලෝකයේ කොහෝ තිබුණත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි, ඊට විරුද්ධ වෙමු!
ට්‍රම්ප්ගේ පිස්සු වැඩ...