
(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ඉන්සියුලින් තොග රට තුළ පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්සියුලින් හිඟයක් පවතින බවත් ජාතික අවශ්‍යතා සපුරාලිය හැක්කේ තවත් දින 10 කට පමණක් බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සිදුකරන ප්‍රචාරවලට පිළිතුරු දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජයතිස්ස මහතා මේ බව කීවේය.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
දුප්පත් එකෙක් Tuesday, 22 April 2025 05:32 PM
දොස්තර මහත්තයෝ. ඔයාගේ ගමේ ඉස්පිරිතාලේ වන පිඹුර මූලික රෝහලෙන් අපේ අගලවත්ත අවට ගම්වල දුප්පත් කීදෙනෙක්ව ඉන්සියුලින් නෑ... පිටින් ගන්න කියලා ඇරියද? රුපියල් 2000ස් ගානක් ඒකට දුන්නු නිසා කන්න නැතුව හිටියා කියලත් දන්නවා. බොරු නම් ඔය පළාතෙන්ම ආපු අනික් මන්ත්‍රීතුමාගෙන් අහන්න.
Rama Tuesday, 22 April 2025 07:40 PM
නම මාරුකරගත්තා නම් හොඳයි ජයතිස්ස වෙනුවට පචතිස්ස කියලා. එක්කෝ මේ මිනිස්සු ජීවත්වෙන්නේ ලංකාවේ නොවෙයි හීනලන්තයක.
Rasika Wednesday, 23 April 2025 02:49 AM
මූනේ තියන කෂඩ හිනාව දැක්කම පේනවා අලිම බොරු කාරයෙක් කියලා
Perera Wednesday, 23 April 2025 06:32 AM
රජයේ රෝහල්වල බෙහෙත් නැහැ කියලා ඒවා පිටත විකුණලා අසරණ රෝගීන්ව පිට ඇරින අමනයොත් ඉන්නවා රජයේ රෝහල් වල. ඒවා ගැනත් හොයලා බලන්න අමාත්‍ය තුමෝ.