
(අංජුල මහික වීරරත්න)
මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයාට සහාය දක්වන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරු රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබේ.
ජනාධිපතිවරයාට හිතවාදී පිරිස් එහිදී දැනුම් දී තිබෙන්නේ මෙවැනි තීරණාත්මක මොහොතක මන්ත්‍රීවරුන් නමට පමණක් ආණ්ඩුවේ තබාගෙන සිටීම පලක් නොවන බවයි.ඔවුන් තම පාර්ශවයේ තීන්දු තීරණ විරුද්ධ පාර්ශව වෙත ලබාදෙමින් දේශපාලන සූදුවක නිරතවන බවද හිතවාදීන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
එබැවින් තීරණාත්මක මොහොතේ සහාය නොදක්වන පිරිස ඉවත්කර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු තමන්ට නිදහසේ කරගෙන යාමට අවස්ථාව සලසන ලෙස මෙම පිරිස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා තිබේ .
රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේද මේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව බව වාර්තා වෙයි. එසේම තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිසිප දෙනකු මෙන්ම හඳුනාගත් මන්ත්‍රීවරුන් පිරිසකට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකර ඇති බවද දැනගන්නට ඇත.
තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකු ඉල්ලා ඇත්තේ තමන් ධුර වලින් ඉවත් නොකරන ලෙසත් ඒ වෙනුවට ඉල්ලා අස්වීමට අවස්ථාව දෙන ලෙසත්ය.
COMMENTS
අහකයන සර්පයෙක්ව රෙද්ද අස්සේ දමාගෙන දැන් කනවෝ කනවෝ කියන ඇමැතිලා. යන්න එන්න තැනක් නැතිව හිටපු නාකි මිනීමරු, බැංකු හොරාකාපු හිඟන්නෙක්ව ඡන්ද 134 කින් ජනාධිපති ලෙස පත්කර ගන්න ඡන්දෙ දීපු හොරුන්ට ඔහොම වෙලා මදි. ඔය මොනවා කළත් රනිල්ට 20% කට වඩා ඡන්ද ගන්න බැහැ.. ඒක ස්ථිරයි !!! අපි බලමු ඔය එලවපු අයට කොන්දක් තියෙනවද කියලා දැන් ප්‍රසිද්ධියේම රනිල් නාකියාට විරුද්ධව ඡන්දෙදී වැඩ කරන්න.
ඔය වයසක මිනිහා ජනාධිපති වෙලා ඉන්නේ තව සුමාන 3 ක් විතරයි. ඊට පස්සේ මිනිහාගේ ඉස්සර කෙරුම් වලට හිරේ යන්න වෙනවා. ඔය එලවපු ඇමැතිලාට ගමට යන්න බැහැ. මොකද මිනිස්සු ගහන්න මරන්න බලාගෙන ඉන්නේ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්වත් ආයේ පාර්ලිමේන්තුවට එන්නේ නැහැ.
# මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයට ජයවේවා !!! අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!!
තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ක්‍රියාකිරීමේ අයිතිය මේ මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ට නැද්ද?
යන්න කියපු පළියට යන්න එපා... යන්න කළින් වැඩේ අල කරලාම යන්න.
"පුළුවන්" "පුළුවන්" කිය කියා හිටපු කෙනා "බෑමයි" කියලා තේරුණාට පස්සේ "ඉන්න බැරි නම් යන්න" කියලා ළඟ හිටපු අය එලවන්නේ...!
මෙච්චර කල් එකට උන්නු එකේ... තව සති දෙකක් ඉඳලා එකටම ගියා නම් නරකද?
134ක් මුල්වෙලා තනතුර අරන් දුන්නා.. අන්තිමට කළගුණ සලකන විදිහ...
නියමයි.. කොහොමද බලතණ්හාවේ ප්‍රතිඵල... තණ්හා ජායතී සෝකෝ.. ලොක්කාට ඕනෑ මොන ක්‍රමයෙන් හරි බලයට එන්නයි.
ලිප ගිනි මොළවෙන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙලියේ. තව දවස් කීයද? ඔය පින් ඉතුරු වෙලා තියෙන්නේ...?
තමන් කැමැති දේශපාලන මතයක් දැරීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උදුරාගන්න රනිල්ට ඇති අයිතිය කුමක්ද? මෙහෙම තර්ජනයෙන් සහ බිය ගැන්වීම්වලින් රටක් පාලනය කළ හැකිද?
ඒක හරි යා යුතුයිනේ. ඒ වගේම හොරුන් එක්ක එකට ගමනක් යා නොහැකි බව, එවන් ගමනකින් රට නැවතත් අගාධයකට යන බව ඔබද තේරුම්ගත යුතුයි. ඔබ හොරෙක් නොවන බව ඇත්ත. එහෙත් ඔබ වටා ඉන්නේ පල් හොරු, කම්බ හොරු රැළක්. ඒ ඔලුගෙඩිවලට ඡන්ද මේ රටේ නැතිබවත් සිහියට ගන්න. මේ නිසාම ඔබගේ පරාජය ස්ථිරයි.
අරාබියාගේ කූඩාරමට රිංගපු ඔටුවාගේ කතාව මතක් වෙනවා...
ආණ්ඩු පක්ෂය පොහොට්ටුව... රනිල් එක මන්ත්‍රීකමක් තියාගෙන පොහොට්ටුවේ පිහිටෙන් ජනාධිපති වෙලා දැන් පොහොට්ටුවේ අයට යන්න කියන්නේ කොහොමද?
දේශපාලනිකව අවසානය ළං වෙනකොට විකාර කියැවෙනවා. කියන්නේ මොනවාද දන්නෑ. සිහි විකල්වෙලා.. පව්..!
කොහොමටත් ඔය දූෂිත දේශපාලුවන්ට රඟන්න වෙන්නේ තව ටික කාලයයි.
දැන් නම් හිටියා ඇති නේද? අවුරුදු 40 විතර බොරු කිය කියා හිටියනේ...!
ඇතුළත කචල් එළියට එමින් පවතී. ගෑස් සිලින්ඩරයේ ඡන්ද ව්‍යාපාරය කඩාවැටීම පටන්ගෙන...
පින් ජනාධිපතිගේ සහ සහචරයින්ගේ කාලය අවසන් වීගෙන එන්නේ, ඒ නිසා දැන් බොරුවට වෙනස් කණ්ඩායම් වගේ පෙන්වන්න රැඟුවාට එකට එක්වී හවුලේ රට කෑ ඔවුන් බව රටම දැන් දන්නවා. ඒ නිසා යන්න සූදානම් වෙනු...!
පිනට ඇවිත් මෙහෙම නම් ඡන්දයක් දිනුවොත් කොහොම තගා පාර දාවිද? කොහොමටත් මතකයිනේ යහපාලනේ කාලේ මෙයාට වැන්දේ නැති මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවේදී කියපු දේවල්. දැන්නම් හිතෙනවා බටලන්ද 2.0 එන්නද හදන්නේ කියලා. කප්පම් කාරයොත් කිට්ටු කරගෙනනේ ඉන්නේ. මොනවා කරන්න බැරිද එතකොට...?
සිලින්ඩර් සීයා වියරු වෙලා...
මෙයා බලෙන් ඉඳගෙන අනිත් අයට ගොන් පාට් දානවා. හොඳ වැඩේ රනිල්ගේ නැට්ටේ එල්ලෙන්න ගිය අයට...
දැන් හිටියා ඇති කියන පණිවිඩය මේ මස 21 දින ජනතාව කියාවි...
මෙතුමා ජනතාවට කියන්නෙත් ඔය ටිකම තමයි....