(යොහාන් භාසුර)

එළඹෙන ජූලි මස මුල සතියේ සිට ඉන්ධන සඳහා සළාක ක්‍රමයක් ආරම්භ කරන බවත් ඕනෑම පුද්ගලයෙක්ට නිෂ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන ආකාරයට එම ක්‍රමය සකස් කරන බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

පුද්ගලයෙක් ලියාපදිංචි වන පිරවුම්හලෙන් අවම වශයෙන් මාසකට නියමිත ඉන්ධන ප්‍රමාණයෙන් සියයට 60 ක් හෝ ලබාගත හැකි ආකාරයට සළාක ක්‍රමය සකස් කරන බව කී අමාත්‍යවරයා ඉතිරි ඉන්ධන ප්‍රමාණය වෙනත් පිරවුම්හකින් ලබාගත හැකි ආකාරයට සකස් කරන බව ද සඳහන් කළේය.