IMG-LOGO

ඉන්ධන සහනාධාර නොලැබුණොත් ලංකාවේම ධීවර යාත්‍රා නවතී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දිනෙන් දින ඉහල යන ඉන්ධන මිල හමුවේ තම රැකියාව කරගෙන යාමේ අසිරුතාවයක් පවතින බවත් රජය  ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් සමස්ථ දිවයිනේම බහුදින යාත්‍රා හිමියන්  ධිවර කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි.

සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය 25 දින පැවැත්වු මාධ්‍ය හමුවකදි මේ බව පවසන්නට විය.

මෙම මාධ්‍ය හමුවට සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් රුවන් පතිරණ,සභාපති ටිරෝන් පතිරණ,උප ලේකම් සුනිල් ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව තිබුනී.

මෙම මාධ්‍ය හමුවට එක්වු ඔවුන් පවසා සිටියේ යෝජිත ඉන්ධන සූත්‍රයෙන් ද තමන්ට සාධාරණයක්  ඉටු නොවන බව පෙන්වාදෙන  එම නියෝජිතයින් රටට  ඩොලර් උත්පාදනය කිරීමට ඇති  මෙවැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි රජයේ අවධානය  යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවයි.

එසේම රටට ඩොලර් අහිමි වනවා සේම ලක්ෂ ගණනකට රැකියා අහිමි වීමේ තර්ජනයක් පවතින බවද ඔවුන් චෝදනා කරති.



අදහස් (1)

ඉන්ධන සහනාධාර නොලැබුණොත් ලංකාවේම ධීවර යාත්‍රා නවතී

Lalith M Thursday, 26 May 2022 07:02 AM

සහනාධාරය දුන්නාට මාළු ලාබ වෙන්නේ නෑ. අනිත් අය වගේම තමනුත් පුළුවන් විදිහට රැකියාව කරන්න. තර්ජනය පුස්සක්. කාටත් අමාරු කාලයක්.. සහනාධාරය කියන්නේ දූෂණයයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site