IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඉන්ධන රැස්කරන අය අල්ලන්න ඇප් එකක්

(ඉන්දිකා  රාමනායක)

ඉන්ධන අරබුදයක් පවතින  අවස්ථාවක ඉන්ධනහල් වලින් දෛනිකව අසාමාන්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන පුද්ගලයන් හදුනා ගැනීම සදහා පොලිස් තොරතුරු  තාක්ෂණ කොට්ඨාසය මගින් ස්මාට් ජංගම දුරකතන වලට භාවිතා කළ හැකි “Fuel.IMC” නමිත් නව  මෘදුකාංගයක් හදඳුන්වාදී ඇති  බව පොලිස් මුලස්ථානය පවසයි.

ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන ලබාගන්නා   වාහන    වල විස්තර  නව මෘදුකාංගය හරහා  ලබාගත හැකි බවත්, එවැනි හදුනා ගන්නා වාහන හා පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය හා බුද්ධි අංශ  විසින් විමර්ශන කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

ඉන්ධනහල් අසල  තදබද පවතින අවස්ථාක  ඇතැම් පුද්ගලයන් යතුරු පැදිවලට, ත්‍රිරෝද රථවලට , ඇතුලු වාහන වලට දෛනිකව  ඉන්ධන ලබාගෙන නැවත් එම ඉන්ධන වාහනයෙන් පිටතට ගෙන  ගබඩා කර වැඩි මිළට ඒවා අලෙවි කරන බව  තොරතුරු  වාර්තා වී ඇති බවත් , ඒ සම්බනධයෙන්  බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද   නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

මෙම නව  මෘදුකාංගය    පොලිස් තොරතුරු කොට්ඨාසය මගින් දිවයින පුරා කොට්ඨාස බාර පොලිස් නිලධාරීන් වෙත  සහ ස්ථානාධිපතිවරුන් වෙත යොමුකර ඇති බවත්,  ප්‍රදේශයේ ඉන්ධනහල් හිමියන් සමග සාකච්ඡාකර  ඔවුන්ට  එම  මෘදුකාංගය ලබා  දීමට කටුයතු කරන ලෙසට  උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඉන්ධනහලට ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන  වාහනවල ලියා පදිංචි අංකය මෙම මෘදුකාංගය වෙත ඇතුළත්   කරන බවත්,  එම යෙදුමට ඇතුළත් කරන  වාහන අංක නැවත වරක් තවත් ඉන්ධන හලකින් ඉන්ධන ලබා ගැනීමට  යාමේ දී   එය හදුනාගත හැකි බවද හෙතෙම කියා සිටියේය.

ඉන්ධන ලබාගත් වාහන, මීට පෙර ඉන්ධන ලබාගත් ඉන්ධන හල, සහ ලබාගත් ඉන්ධන ප්‍රමාණය  මෙම මෘදුකාංගය  හරහා පෙන්නුම් කරන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අකාරයට  නිරන්තරයෙන්   අසාමාන්‍ය ලෙස යම් වාහනයක් ඉන්ධන රැස් කරන බවට නිරීක්ෂණ වුවහොත්   ඒ සම්බන්ධයෙන් ඉන්ධනහල් හිමියන් සමග සාකච්ඡා කර පොලිස් නිලධාරීන් බුද්ධි නිලධාරීන් සමග යොදවා  විමර්ශන සිදුකරන බවද හෙතෙම කීය.

එම විමර්ශනයේ දී එවැනි පුද්ගලයන්    ඒ අකාරයෙන් ඉන්ධන  රැස්කර ඒවා වැඩි මිළට අලෙවි කරන බවට  අනාවරණය වුවහොත්  එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන  නීති තදින්ම ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

තම අවශ්‍යතා වෙනුවෙන්  පොලිමේ සිට  නිරන්තරයෙන්  ඉන්ධන ලබා ගන්නා  පුද්ගලයන්ට  හෝ ආයතනයකට මෙම යෙදවුම මගින් කිසිදු බාධාවක්  සිදු නොවන බවත්, ගැට`ථවක් සිදුවන් වාහන  වලට ඉන්ධන ලබාගෙන ඒවා වැඩි මිළට ජාවාරම කරන  ජාවාරම්කරුවන්  සදහා පමණක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.



අදහස් (2)

ඉන්ධන රැස්කරන අය අල්ලන්න ඇප් එකක්

ජයලත් Saturday, 28 May 2022 05:03 AM

ඔය මොන ඇප් එකක්වත් ඕන නැහැ.. මිනිසුන්ට අවශ්‍ය තෙල්දෙනවා නම්..!

:       0       0

Nuwan Saturday, 28 May 2022 01:14 PM

ඉතා හොඳ දෙයක්.. මම දැක්කා ටික දිනකට පෙර මෙම අදහස මුහුණු පොතේ තොරතුරු තාක්ෂණවේදියෙක් ඉදිරිපත් කර තිබුණා. වහාම ක්‍රියාත්මක කරන්න. ලොකු රාජපක්ෂලා වගේම පොඩි රාජපක්ෂලාත් කරන්නේ හොරකම වංචාව.. මේවා සේරම නවතින්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site