(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන මිල වැඩි වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඊට සමගාමීව වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත.
මේ තීරණය ගෙන ඇත්තේ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය.
පවතින ඉන්ධන මිල හා ගලපා ඉන්ධන දීමනාව ලබාදීම මෙතෙක් සිදු කෙරිණ.
ඉන්ධන මිල කිහිප වතාවක් වැඩි වුවත් ඒ මිල අනුව ඉන්ධන දීමනාව වැඩි නොකර පෙර ඉන්ධන මිලටම( පෙබරවාරි මාසයේ) දීමනාව ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට බයේ හැංගිලා ඉන්න අයට ඉන්ධන දීමනා මොකටද?
ඔය දීමනා, වරප්‍රසාද අයින් කරා නම් හොරා කන්න සැප ගන්න බලන් පාර්ලිමේන්තුවට කවුරුවත් එන්නේ නෑ. අවංකව රට හදන්න උවමනාව තියෙන වැදගත් දැනුවත් මිනිස්සු එයි එතකොට ඉස්සරහට....
මේ මිනිස්සු මන්ත්‍රීලා කෙරුවේ අපි එයාලට වරප්‍රසාද දෙන්න නෙවෙයිඅපි වෙනුවෙන් කතා කරන්න. දැන් වෙන්නේ අපිට අහිතකර දේවල් වලට අත උස්සන්නයි. වරප්‍රසාද නැතිවෙයි කියලා හිතලා.
කවුරුත් නොදන්නවා වුණාට රජයේ විධායක ශ්‍රේණියේ පළවෙනි පන්තියේ නිලධාරියෙක් මාසෙකට රුපියල් ලක්ෂයකට වැඩි ඉන්ධන දීමනාවක් ලබා ගන්නවා. ඇතැමුන්ගේ මාසික වැටුපට වඩා වැඩියි මෙම දීමනාව. බොහෝ නිලධාරීන් මෙම දීමනාව ලබා ගන්නේ අනෙක් රජයේ සේවකයින් මෙන්ම බස් රථයේ දුම්රියේ පැමිණ. රට බරපතල තත්ත්වයකට පත්ව ඇති මෙම අවස්ථාවේදී, රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් ගෙවන මෙම අසාධාරණ දීමනාවද නැවැත්වීමට කටයුතු කළ යුතුයි...!
රට යකාට ගියත් තමුන් රැකුණොත් ඇති. ඔය විදියට හිතලා තමයි අද රට වල පල්ලට ගිහින් තියෙන්නේ.
මේ අයට මොකටද දැන් ඉන්ධන දීමනා දෙන්නේ...? මිනිස්සුන්ට බයේ හැංගිලා ඉන්න හැත්ත...
තව කොච්චර කල් බලන් ඉන්න ඕනෑද?