
(යොහාන් භාසුර)
ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 157 කට ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 කට ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කටද , සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 144 කටද, භූමිතෙල් ලීටරයක් රුපියල් 77 කටද අලෙවි කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැපයිද?
දුන්නු අයට දැන් සැපද?...
එයා මොකුත්ම දන්නේ නෑ . පව් දෙයියනේ. මන්ත්‍රීයන්ට වාහන ගෙන්නන්න කැබිනට් පේපර් එක දැම්මෙත් එයා නෙවෙයි. ඊට කලින් LC ඕපන් කරපු මගඩිය එයා දන්නෙත් නෑ. බදුමිල වැඩි වෙනවා, ඒක දන්නෙත් නෑ. එන්නත් ව්‍යාපෘතිය මුළුමනින්ම විනාශයි... ඒක දන්නෙත් නෑ. ඒත් එයාලු අගමැති. මොකුත් නොදන්න බබා...
ලෝකයේම තෙල් මිල අඩුයි... ලංකාවේ වැඩියි. කොරෝනාවලට ගෙනාපු එන්නත් වල සල්ලි අපෙන් ගන්න සූත්‍රය... කවුද එන්නත් ඉල්ලුවේ? කවුද කොරෝනා බොරුව පිම්බුවේ?
අපේ සර්ට ඡන්දය දීලා දැන් අපිට චීත්තයක් තමයි අඳින්න වෙන්නේ. අපි මාර අපරාධයක් තමයි රටට කළේ..!!! ඒ කරපු පව තමයි අද ඵල දෙන්නේ...!!!
නියමයි... ‘‘සර් ෆේල්‘‘
එන්න අපි අනුරට බනිමු.
69 ලක්ෂයට දැන් සැපද?
ඉන්ධන මිල 15% ක ප්‍රතිශතයකින් වගේ ඉහළ ගිහින් තියෙනවා. අනිත් භාණ්ඩ මිලත් වාර්ෂික ඊට අසන්න ප්‍රතිශත වලින් ඉහල යනවා.. පෞද්ගලික අංශයේ රැකියා කරන අපේ වැටුප් වාර්ෂික ඉහළ යන්නේ 8%ක ප්‍රතිශතයකින් වගේ. අාදායම් වියදම් වෙනස -7%කට වඩා වැඩියි. වාර්ෂිකව මෙම -7% ක වෙනස එකතු වේවි අපි එන්න එන්න අසරණ වෙනවා.. මෙම ගැටළුව හොඳින් අධ්‍යයනය කර පෞද්ගලික අංශයේ සේවය කරන අපට විසඳුමක් සපයා දෙන මෙන් ඉල්ලා සිටිනවා. මෙම ගැටලුවට තදින්ම මුහුණ දෙන කණ්ඩායම වන්නේ මාසික වැටුප රුපියල් 70 000ට අඩු කොටසටයි.
ඉහළ දැමීම නම් ගානට, මිම්මට විද්‍යාත්මකව කරලා තියෙනවා. 69 ලක්ෂයට හරියන්න.. වැඩිකිරීමේ එකතුව 69ට ගෙනැල්ලා තියෙනවා...
තෙල් බාර ඇමැති වශයෙන් ගම්මන් පිළ ඊයේ කිව්වේ තෙල් මිල සංශෝධනයට පෙර මිල සූත්‍රයක් හදන බව.. ඒ වුණාට මහ රෑ ගැසට් පත්‍රයක් ගසා හිටිහැටියේ ඛනිජ තෙල් මිල වැඩි කර තිබෙනවා.. දැන් ඔබට සැපද?
පසුගිය වසරේ ලෝක වෙළඳ පළේ තෙල් මිලගණන් අඩුවුණාට ලංකාවේ තෙල් මිල අඩු වුණේ නැහැ. ඒකට ඇමැතිවරු ගණනාවක්ම වෙළෙඳ ඇමැති ඇතුළු කිව්වේ ගණන් පහළ යාමෙන් ලැබුණු ලාබයෙන් අරමුදලක් ඇතිකළා.. ඒ නිසා මින් ඉදිරියේදී මිල වැඩිවුණා ලංකාවේ මිලගණන් වැඩි කරන්න අවශ්‍ය නැහැ. අර අරමුදලින් තුලනය කරගන්නවා කියා. කෝ දැන් ඒ අරමුදල..?
ජනතාව සුරා නොකන පාලකයෝ කවදා මේ රටේ බිහි වෙයිද
කෝ අර ඩොලර් මවනවා කිව්ව වියත් මග
ඉන්ධන යනු මේ රටේ නිෂ්පාදනයක් නොවේ. ලෝකයේ ඉන්ධන මිල ඉහල යමින් පවතින්නේ බොහෝ කලක සිටන්...... ඒක අපි හැමෝම දන්නා දෙයක්. ගැටලුව නම් මේ මිලත් සමග බඩු මිලත් ඉහළ යාවි...... එය දරා ගැන්මට නම් අසීරු වේවි... සංචරණය කරන ඇති හැකි අයද මේ තත්ත්වය තුල ඉන් වැළකී සිටීමට උත්සාහ ගනීවි.
වැඩකරන අපේ විරුවා අපේ රටට සුපිරියටම දුන්නා...
මෙයාලා දැන් මිල සූත්‍රය වෙනස් කරලා.
කවුරු කොහොම කිව්වත් ඉන්ධන මිල වැඩිවෙන්න තිබුණේ අවුරුද්දකට කලින්. ඩොලරයත්, ලෝක වෙළඳපොලේ මිලත් එක්ක ඒකවෙනවා. නමුත් මේ වෙලාවේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන එක ඉතාම වැරැදියි. ඒකට ඔය විපක්ෂ මන්ත්‍රීලාත් අනුර-සජිත් දෙබෑයිනුත් සද්දයක් නැහැ. බැංකු බ්ලැක් ලිස්ට් වෙන එක හිතන්න තිබුණේ ඊට කලින්. මේක කොලේ වහලා ගැසීමක්... මේ වාහන ගන්න අය එකෙක්වත් ඊළඟට පාර්ලිමේන්තු එවන්න එපා. ඔවුන් තමා රට විනාශ කරන්නේ. බොරු කයිවාරුව විතරයි.
දේශපාලකයින්ට ඒක ප්‍රශ්නයක් නැහැ... එවුන්ට අලුත් වාහන එනවා... අපට තමයි බර අදින්න වෙන්නේ...
මිල වැඩිවන දිනය කියන්න බෑ කියලා ගම්මන්පිල කිව්වේ ටොන් පචයක් නේද? දේශපාලකයන් අවුරුදු 73ක් තිස්සේම කළේ ජනතාවට පච දෙසාබෑම බව අප හොඳින් දන්නවා.
සැප වාහන තහනමට? මේක ප්‍රතිරූප උගුරක්ද ? නැතත් අව්ලක් නැහැ සෑර් අපි රටට අාදරේ පරිසරය සුරකින සිහලුන් කරත්ත බඳිමු 69 ලක්ෂයක් ගොන්නුයි, එළදෙන්නුයි ඉන්නවනේ...
කන්න බොන්න සල්ලි නේ... ඒ මදිවට තවත් මරාලයක්... අහිංසක මිනිස්සුන්ව බඩගින්න මරන්නයි හදන්නේ...
PCR වැඩි කරන්න ලොක්ඩවුන් කරන්න කිය කිය කෑගහපු ගිය අවුරුදු 05කින් රට ආර්ථිකව පතලට දාපු අය තෙල් මිල වැඩි කළා කියලා කෑ ගහනවා.. තමන් පරිස්සම් නොවී...!!!
තමුන් බලයට එනවිට තිබුණු තෙල් මිල සූත්‍රය සංශෝධනය කර හෝ අඛණ්ඩව ක්‍රියාත්මක වුණා නම් ජනතාවට මේ වගේ එකවර බර පටවා වදදෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ... එහෙනම් ජනතාව මිල උච්ඡාවචනයට මෙලහකට හුරුවෙලා. රජයට අනවශ්‍ය ආර්ථික බරක් පැටවෙන්නෙත් නැහැ. කාගේ නිර්මාණයක් වුණත් දැන්වත් එවැනි හොඳ ප්‍රතිපත්ති සාධාරණව ක්‍රියාවට නැංවීමයි සුදුසු... !!!
මෙතැන තියෙන බොහොමයක් අදහස් දැක්කම අපේ අදීනත්වය පේනවා. දූෂිත පාලකයන් පරිස්සම් වුනොත් හොඳයි. ප්‍රංශේ ජනාධිපතිට දුන්න කනේ පාර වගේ නෙවෙයි අපේ අය දෙන්න ගියාම. ඡන්දේ දීපු 69 ලක්ෂෙට බනින්න එපා. ඒ විශ්වාසය කරපු කාලකණ්ණින්ට බනින්න.
අභාග්‍යයේ පෙරනිමිති... සෞභාග්‍යය කිව්වේ ඡන්ද රැස්වීම්වල විතරයි.