(උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)

ඉන්ධන නොමැති කමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය රෝහලට නොපැමිණීමෙන් බාහිර අංශයේ රෝගීහු අද දැඩි අපහසු තාවයට පත් වූහ.

වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය නොමැතිවීම නිසා පදවිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, තන්තිරිමලේ, ඔයාමඩුව, නොචිචියාගම වැනි දුරබැහැර ප්‍රදේශවලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගිහු විශාල පිරිසක් බොහෝ වේලාක් රෝහලේ ගත කිරීමට සිදුවූහ.

ඉන්ධන පෝලිම්වල රැදි සිටි වෛද්‍යවරු එකිනෙකා රෝහලට පැමිණිමෙන් අනතුරුව රෝගීන් හට ප්‍රතිකාර ලබාදිම ආරම්භ කළහ.

රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර මහතා මෙසේ කීය අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ යෙදෙන සෞඛ්‍යය නිලධාරීන්ට රෝහල වෙත පැමිණීමට ඛනිජ තෙල් නොමැතිවීම හේතුවෙන්  බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබන රෝගීනට ඖෂධ නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමුවා , 

මේ සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ලේකම් වෛද්‍ය රන්ජන් ගනේගම මහතා ගෙන් සිදුකළ විමසුමේදි ඒ මහතා මෙසේ පැවසිය.

‘අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන විශේෂඥ වෛදවරුන් මෙන්ම අනෙක් වෛද්‍යවරුන් රැසක් පිට පළාත්වලින් පදිංචි කරුවන් ඔවුන්ට ඉන්ධන නොමැතිකම හේතුවෙන් රාජකාරිය සදහා යන්න එන්න අපහසුයි..

රෝහලට ආවෝත් නිවසට යන්න එන්න බැහැ. වෛද්‍යවරුන්ටම වාගේ රෝහල් කාර්ය මණ්ඩලයටත් මේ ඉන්ධන ප්‍රශ්නය දැඩිව බලපානවා’.