
(මහින්ද නිශ්ශංක)
කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ ඉන්ධන දුම්රියට වන අලි රංචුවක් අසුවීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට දුම්රිය දෙපාර්තමේන්තුව ත්‍රී පුද්ගල කමිටුවක් පත් කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ මහතා පැවසීය.
දුම්රිය මාර්ග, ධාවනබල හා මෙහෙයුම් යන අංශ පිළිබඳ ඉංජිනේරු ප්‍රධානින් ගෙන් මෙම ත්‍රී පුද්ගල කමිටුව සමන්විත වේ.
මෙම කමිටුව මුල් වරට ලබන සදුදා රැස්වන අතර සති දෙකකින් සිද්ධිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්ධන දුම්රියේ වන අලි රංචුව ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මියගොස් තවත් අලියෙකු බර පතල ලෙස තුවාල ලබා ඇත.
වන අලි රංචුව හැපුණු ස්ථානයේ පැයට කිලෝමීටර් 20 ක වේගයෙන් දුම්රිය ධාවනය කරන ලෙස සදහන් පුවරු සවිකර ඇති බවත් එසේ තිබියදී ඊට වඩා වැඩි වේගයකින් දුම්රිය ධාවනය කර ඇත්දැයි සොයා විමර්ශනයක් සිදු කිරීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දුම්රියේ දැන් කීපාරක් අලිරංචු හැපුනද? ඔය දුම්රිය මාර්ගය මහවින් එහාට කාර්යබහුල නොවන එකේ ඔය තෙල්, පිටි ආදිය දිවා කාලයේ ධාවනය කළා නම් ප්‍රශ්නය විසඳෙනවා නේද?
මේ ටැංකිවල බෝගි ගැලවිලා රේල්පාර ගැලවිලා ගිහින් තියන විදිහට මේ දුම්රිය පැයට කිමි 80 විතර වේගෙන් ගිහින් තියනවා. රියදුරන් බීමත්ව සිටියා ද යන්න කලින් පරීක්ෂා කරන්න තිබ්බේ.
අලි අනිවාර්යයෙන්ම සාක්කි දෙන්න කැඳවන්න ඕන. මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න ඕන. අලින්ගෙන් සාක්කි ගන්න අලි බාසාව දන්න එක්කෙනෙකුත් මේ වෙලාවෙ මතක් වෙනවා.
මේ ප්‍රශ්නයට හුඟක් රටවල මී මැස්සන්ගේ හඬ පාවිච්චි කරනවා. තාක්ෂණය යොදලා ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අලි එන එක නවත්තන්න පුළුවන් දුම්රිය ඒමට පෙර. ඉන්දියාව මේ ක්‍රමයට සෑහෙන අලි බේරගෙන තියනවා. අපි මේ ගැන ගොඩක් කල් ඉඳලා කියනවා. බලධාරීන් නිහඬයි...