IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉන්ධන ඇනවුම් කරන්නේ නෑ

(යොහාන් භාසුර)

ඉන්ධන ඇනවුම් නොකිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කුමන ප්‍රකාශ කළ අද (4) රාත්‍රී වන විට පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වීමේ අවදානමක් ඇති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා අද (3) පෙරවරුවේ පැවසීය.

ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් මේ වන විට උද්ගතවී ඇති තත්වයට මැදිහත් වන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් භාරදීමෙන් පසුව කුසුම් සන්දනායක මහතා එසේ පැවසීය.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් 200 ක පමණ පිරිසක් කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට අසළට අද පෙරවරුවේ පැමිණි අතර එහිදී ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙක් වන ධර්මසිරි ගමගේ මහතා ලේකම් කාර්යාලයෙන් පිටත පැමිණ ලිපිය භාරගත්තේය.

ජනාධිපතිතුමා බෙදුම්කරුවන් පිළිබඳව අවදානය යොමු කර බෙදුම්කරුවන්ගෙන් වරදක් වී තිබේ නම් ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටි බවත් එසේ නොවේ නම් බෙදුම්කරුවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

ඉන්ධන බෙදුම්කරුවන් ආණ්ඩුව හෝ ජනතාව හෝ අපහසුතාවට පත්කිරීමට ක්‍රියාකරන කොටසක් නොවන බව කී කුසුම් සන්දනායක මහතා ඉන්ධන පිරවුම්හල් 1400 ක් පමණ නියෝජනය කරන එම සංගමයේ සාමාජිකයන් දේශපාලනයෙන් තොරව ව්‍යාපාර කරන පිරිසක් බව ද සඳහන් කළේය.

ජනාධිපතිතුමා මෙම ගැටලුව විසඳීමට කමිටුවක් පත්කර සාධාරණ විසඳුමක් දෙනුඇතැයි විශ්වාස කරන බවත් සාධාරණ විසඳුමක් නොලැබුණ හොත් මෙම ව්‍යාපාරය අතහැර දැමීමට සිදුවන බවත් කීය.

ඉන්ධන පිරවුම්හල් සේවා මුර දෙකක් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් වීම නිසා ඉදිරියේදී ක්‍රෙඩිට් කාඩ්පත් ගණුදෙනු සහ රාත්‍රී සේවාවන් අත්හිටුවීමට සිදුවනු ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (10)

ඉන්ධන ඇනවුම් කරන්නේ නෑ

Sugath - Kandy Monday, 03 March 2025 01:33 PM

ඔවුන්ගේ බලපත්‍රය අවලංගු කරන්න. මේ අය රටේ අවාසනාවට ඉපදුණු මිනිස්සු. මොවුන් රාජපක්ෂලාගේ කජු සීයාගේ සහ පුත්තානෝගේ 3 වැනි පන්තියේ හෙංචයියන්ය. අපි සියලු ආකාරයේ සංවිධානාත්මක මාෆියා අවසන් කළ යුතුයි. ඉතා දැඩි විය යුතුය.

:       9       17

නමල් පෙරේරා Monday, 03 March 2025 01:40 PM

අසාධාරණ පිරවුම්හල් හිමියන්ගේ ගෙරවීම් වලට ආණ්ඩුව කිසිසේත් යටවිය යුතු නැහ. ජනතාවගේ බදුමුදල් අසාධාරණ ලෙස මොවුන්ට ලබා නොදිය යුතුයි. ඉන්ධන බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් කර රජයට පවරාගෙන්න. වාහාම මොවුන්ගේ බලපත් අහෝසි කරන්න. ඉන්ධන බෙදාහැරීමට සූදානම් ව්‍යාපාරියන් තව ඕනෑතරම් ඉන්නවා.

:       5       16

kamal Koyrala Monday, 03 March 2025 01:46 PM

මේ කරන්නේ උසාවියට සහ රජයට කරන තීරණයක් රජය 2/3 වැඩ බලයක් ලබාදුන් ජනතාව රැක ගත යුතුයි

:       0       14

Nalaka Monday, 03 March 2025 02:04 PM

ඉතින් ව්‍යාපාරය අත ඇරලා දාපල්ලකෝ...

:       4       29

අරවින්ද මොණරවිල Monday, 03 March 2025 02:17 PM

ඉන්ධන ඇනවුම් කරන්නේ නැතිනම් ඒ ඉන්ධන හල්වල බලපත්‍ර අහෝසි කරන්නයි තියෙන්නේ, මාධ්‍යට ඇවිල්ලා මුන් බොරුවට බිරුවට එකෙක්ට හොරෙන් අනිත් එකා ඇනවුම දාලයි තියෙන්නේ

:       7       32

Indika Monday, 03 March 2025 02:44 PM

ඒ මිනිස්සු ඔය ව්‍යාපාර පටං ගත්තේ ඔහේලගේ සල්ලිවලිං නෙවෙයිනේ..එයාලා සිපෙට්කෝට බම්බු ගහගන්න කියලා සයිනොපෙක් තෙල් ගනීවි... එතකොට ආණ්ඩුවට පාන්ඩුව තමයි

:       7       12

Indika Monday, 03 March 2025 05:27 PM

මට නම් හිතෙන්නේම සිපෙට්කෝ එක කම්බස්ථාන කරන්න සිපෙට්කෝ එකෙන්ම කරපු වැඩක් කියලයි.. බෙදුම්කරුවන් සිපෙට්කෝ අතහැරියාම අනිත් කොම්පැනි තෙල් බෙදාවි රටටම. ඊළඟට සිපෙට්කෝ එක ඔය කාටහරිම දේවි ප්‍රතිවිවුහගතකරනවා හරි මොකක්හරි අලුත් වචනයක් දාලා. ඕනෑම නම් IMF කිව්වා කියන්නත් පුළුවන්... රටට හොඳක් වෙනවා නම් කව්රු තෙල් බෙදුවත් කමක් නැහැ. හැබැයි ජාතික බලශක්ති සුරක්ෂිත භාවය නම් වලේ තමයි...

:       0       0

රුවන් Monday, 03 March 2025 06:06 PM

සිංගප්පූරුවේ චීනයේ වගේ නම් ඉන්ධන බෙදුම්කරුවන්ගේ බලපත්‍රය අහෝසි කරනවා වගේම අවුරුදු 20-30ක් හිරේට නියම කරනවා.

:       0       0

ප්‍රියන්ත Monday, 03 March 2025 06:17 PM

රියන්ත, හරි, එහෙම කරන්න කියන්නකො බලන්න මොකක්ද වෙන්නෙ කියල!

:       0       0

ලක්විදු Monday, 03 March 2025 06:22 PM

අනේ ඉංදික, ඔයාගෙ මොල් තරම. එහෙම අවලංගු කලාම මොකාගෙ තෙල ගහලවත් ඒ පිරවුම් හල පවත්වාගෙන යන්න බැරි බවත් තේරෙන්නෙ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site