IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ඉන්ධන අර්බුදයෙන් හම්බන්තොට කර්මාන්ත පුරයත් නවතී

(සුජිත් හේවාජුලිගේ )

හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්තපුරයේ  ඉදිකිරීම් කටයුතු ඉන්ධන අර්බුදය හා ආනයන සීමා කිරීම් හේතුවෙන්   අඩපණ වී ඇතැයි  එම ඉදිකිරීම් බාර  චයිනා මර්චන්ට් සමාගමේ නිලධාරීන් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පෙන්වාදී ඇත.

ලෝකයේ  ආර්ථික කඩා වැටීම නිසා එම කර්මාන්තපුරයට නව ආයෝජන පැමිණීමද  ප්‍රමාද වී  ඇතැයි ඔවුන් වැඩි දුරටත්  පවසා ඇත.

එම කර්මාන්ත  පුරයට  ටයර් කර්මාන්තශාලාවක්, සුඛෝපභෝගී මුහුදු යාත්‍රා (Yacht) නිෂ්පාදන අංගනයක් ,මහා පරිමාණ ගුදම් ගබඩා සංකීර්ණයක්,සිමෙන්ති ආශ්‍රිත කර්මාන්ත ,තීරු බදු බදුරහිත   වෙළෙඳ සංකීර්ණයක් ඇතුළු නව  ගොඩනැගිලි  රැසක්  ඇතුළත් වේ.

එම  ගොඩනැගිලි ස්ථාපිත කිරීමට දැනටමත් මූලික පියවර ගෙන ඇත.

හම්බන්තොට  වරායේ නාවික මෙහෙයුම් කටයුතු චිනයේ  සමාගමක් (Hambantota international port group ) සිදු කළත් එහි සියයට  15ක කොටස් අයිතිය  රජය සතු නිසා හම්බන්තොට වරාය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට  උනන්දු විය යුතු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  පැවසීය.

වරාය  පරිශ්‍රය ආශ්‍රිතව  ඉදිකිරීමට යෝජිත අන්තර් ජාතික  කර්මාන්තපුරයේ කටයුතු සඳහා එම චීන සමාගමට  අක්කර 500 ක් මේ  වනවිට ලබාදී ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්තපුරය ඉදිකිරීම්වලට බලපා ඇති බාධා පිළිබඳව  අදාල බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා මෙහිදි   එකඟවිය.

මෙහි ආයෝජන දිරිගැන්වීමෙන් රටේ  විදේශ විනිමය අර්බුදයට යම් විසඳුමක් සොයා ගැනීමට අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

මෙම සමස්ත ව්‍යාපෘතිය තුළින් පන් දහසකට පමණ (5000) රැකියා අවස්ථා ලැබෙන බවත්,මෙතෙක් වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 973  ට අතිරේකව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 600ක මුදලක් මෙම ව්‍යාපෘතියේ  ඉදිරියේ ආයෝජන කිරීමට නියමිත බවත් මෙහිදී සඳහන් විය.

වර්තමානයේ  හම්බන්තොට වරායේ සියයට  98 ක්ම සේවය කරනු ලබන්නේ ලාංකිකයන් බවද  නිලධාරීහු පැවසූහ.

මෙම තොරතුරු අනාවරණය වූයේ අමාත්‍යවරයා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.

මෙහිදී ප්‍රගති  සමාලෝචන රැස්වීමක්ද පැවැත්විණ.

මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාද  වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර  වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න  යන මහත්වරුද  හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු (Johnson Liu ) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ හා කොළඹ වරාය  බහාලුම් පර්යන්ත සමාගමේ (CICT) සමාගමේ ප්‍රධානී ජැක් හෝන් (Jack Huang) යන මහත්වරුද සහභාගී වූහ..



අදහස් (0)

ඉන්ධන අර්බුදයෙන් හම්බන්තොට කර්මාන්ත පුරයත් නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 227 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site