IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්දියාවෙන් ලංකාවට සහනයක්

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය පහසුකමේ කාල සීමාව ලබන වසරේ මාර්තු මස දක්වා දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය රාජ්‍ය බැංකුව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පසුගිය වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකමේ කාල සීමාව මෙසේ දීර්ඝ කර ඇත.

මේ අනුව සංශෝධිත නව ගිවිසුමට අද(30) මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඉදිරියේදී අත්සන් තැබිණ.සංශෝධන ගිවිසුම අත්සන් තැබීමත් සමඟ, ශ්‍රී ලංකා රජයට මෙම ණය පහසුකම භාවිතා කිරීම සඳහා තවත් වසරක කාලයක් එනම් ලබන වසරේ මාර්තු මස දක්වා අවස්ථාව හිමි වනු ඇත.

034



අදහස් (2)

ඉන්දියාවෙන් ලංකාවට සහනයක්

ananda Tuesday, 30 May 2023 03:47 PM

ණය දුන්න අයට වඩා ණය ගත්ත කට්ටියනෙ ආඩම්බරයෙන් ඉන්නෙ.

:       0       8

Nimesh Tuesday, 30 May 2023 06:40 PM

ඔන්න අපේ පින්පතිට ලබන වසරේ අගෝස්තු වෙනකම් කාලේ තියනව "මන් රට බේරගත්ත" කියන නාට්ටිය පෙනන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site