
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය පහසුකමේ කාල සීමාව ලබන වසරේ මාර්තු මස දක්වා දීර්ඝ කර තිබේ.
ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය රාජ්‍ය බැංකුව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පසුගිය වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකමේ කාල සීමාව මෙසේ දීර්ඝ කර ඇත.
මේ අනුව සංශෝධිත නව ගිවිසුමට අද(30) මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඉදිරියේදී අත්සන් තැබිණ.සංශෝධන ගිවිසුම අත්සන් තැබීමත් සමඟ, ශ්‍රී ලංකා රජයට මෙම ණය පහසුකම භාවිතා කිරීම සඳහා තවත් වසරක කාලයක් එනම් ලබන වසරේ මාර්තු මස දක්වා අවස්ථාව හිමි වනු ඇත.
034
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය දුන්න අයට වඩා ණය ගත්ත කට්ටියනෙ ආඩම්බරයෙන් ඉන්නෙ.
ඔන්න අපේ පින්පතිට ලබන වසරේ අගෝස්තු වෙනකම් කාලේ තියනව "මන් රට බේරගත්ත" කියන නාට්ටිය පෙනන්න