
(අංජුල මහික වීරරත්න)
75 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් බස් රථ 50ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතින් සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ඊට අදාල ලේඛන කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (05) පෙරවරුවේ ජනාධිපතිවරයාට බාර දුන්නේය.
පීත්ත පටි කපා බස් රථ දෙකක් විවෘත කළ ජනාධිපතිවරයා ඒවා නිරීක්ෂණය කිරීමට ද එක් විය. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව මෙම බස් රථ ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
එහි පළමු තොගය ලෙස බස් රථ 75ක් පසුගියදා ශ්‍රී ලංකා රජය වෙත බාර දෙනු ලැබීය. තවත් බස් රථ 40ක ලියාපදිංචි කටයුතු මේ වන විට සිදු වෙමින් පවති. ඒ අනුව බස් රථ 165 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදී ඇති අතර 2023 මාර්තු අවසන් වන විට බස් රථ 500 ලබාදීමේ ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලැබෙන බස් වලින් කලවාන අයගම ඉඩංගොඩ, (කිරිඇල්ල), හිදුරංගල, ඇහැලියගොඩ, පනාවල හරහා රුවන්වැල්ල හෝ කෑගල්ල දක්වා එම නගරවල නැවැත්වීමේ අවසරය ඇතිව බස් රථයක් හා පානදුර, හොරණ ඉංගිරිය, ඉඩංගොඩ, හිදුරංගල, ඇහැලියගොඩ, පනාවල හරහා රුවන්වැල්ල දක්වා හෝ වෙනත් නගරයක සිට ඉඩංගොඩ හිදුරංගල ඇහැලියගොඩ හරහා දිනකට දෙවරක්වත් ධාවනය සඳහා බස් රථ දීමට කටයුතු කරන්න... ඉල්ලීම කරන්නේ රජය විදේශණය අරගෙන මුලු රටේම ජනතාව ණය නිසා පීඩාවට පත්කරමින් ඉදිකල මාර්ග දෙකක් මෙයින් ආවරණ කරන්න පුළුවන් නිසා තමයි මෙයින් තවත් දෙයක් වෙනවා.. එනම් මෙම මාර්ගයේ බස්ගාස්තු ඉතාමත් ඉහළයි.. යෝජිත ආකාරයට කටයුතු කළොත් බස්ගාස්තු අඩුවීමටද හේතුවක් වෙනවා...!
රටේ තිබෙන බස් ටික දුවාගන්න බෑ.මගීන් නෑ. තව අලුත් බස්....ජරාව කන්න නේද?
මට හිතෙන්නේ මේ බස් ලැබෙන්නේ සල්ලි තියන ඩිපෝ වලට විතරයි .එයාලා බස් මිලදී ගත යුතුයි
ඕවා නියම මගී පුවාහන බස් රථද? නැතිනම් ලොරි චැසිවලට බස් බොඩි ගහපු ලොරිද?
සජිත් ඉස්කෝලවලට දීපු බස් නඩත්තු කරගන්න බැරුව විදුහල්පතිලා අමාරුවේ වැටිලා කියලා පත්තරේ තිබුන. ඉන්දියන් බස් ණය ක්‍රමය කට අනුව ලැබුන ඒවා නේද?